නුබට කලින් අපෙ අම්මා
අප හැරදා ගිය හින්දා
අම්මා නෑ නුබෙ දෙන ලඟ
හඬා වැටෙන්නට නන්ගියෙ........
කට ගොන්නක් බීගෙන විත්
අප්පච්චි අබ ගහ යට
පෙරලි පෙරලි හතර අතට
නන් දොඩවනවා මතේට.........
කාලයකින් මුන ගැහිච්ච
යාලුවො හා පිලිසඳරක
කැකිරි සිනා හඬ තල තල
ලොකු අක්කා උදේ ඉඳන්.......
සිගරට් කොට පුච්ච පුච්ච
යාලුවො එක්කල එක්වී
බූරු ගහනවා ඉඳගෙන
ලොකු අය්යා පිලිකන්නෙ........
වෙස්සන්තර ජාතක පොත
අහලකවත් නෑ රැඳිලා
ඉහ ඉද්දර තෙල් මදිවුන
පහන් සිලුව ඉකි බිඳිනව.......
නුබ මල බව එ අයගේ
දෙනෙත් අතර නොරැඳුනාට
නුබෙ දෙන ලඟ මම ඉන්නව
හැමදාමත් තනි රකින්න.........
දුකයි . ඒත් ඇතමුන්ට අත්දකින්න වෙන සැබෑවක්.
ReplyDeleteඔව් බට්ටි අක්කේ.... මේ මගේ අත්දැකීමක්
Deleteසුපිරියි
ReplyDeleteverification capcha magula ayin karanna macho
ස්තුතියි සහෝ......
Deleteස්තුතියි සහෝ......
Delete