මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

ඒ නුඹමද

වැව් තාවුල්ලේ කුඹුක් සෙවන යට
නුඹ මා හමු වුන සොදුරු සැදෑවක
කොපුලත හාදුව තැවරුනු මොහොතේ
විලියෙන් ඇඹරුනු සුරතලියද නුඹ

පාට දිරාගිය ගොර හඩ නංවන
ලංගම බසයක අසුනක කෙරවල
දහසක් නෙත් යුග මානෙන් සැගවී
දෑගිලි පැටලූ පෙම්බරියද නුඹ

නෙ'තග ආදරෙන් කදුලු පුරෝගෙන
මළහිරු කිරණට මුහුන හොවාගෙන
වෙල් ඉපනැල්ලේ පවනට රහසින්
සුසුම් ඉතිරිකල සදවතියද නුඹ

කරදහියෙන් තැනු මාලිග කුටියක
ඉරුණු තැනෙක සළුපිලි බිම අතහැර
නුඹටත් රහසින් ලොවට පෙනෙන්නට
හසුන් මුදාහල පෙම්වතියද නුඹ

නිමිත්ත :-
තම පළමු පෙම්වතියගේ නිරුවත් වීඩීයෝ පටයක් අන්තර්ජාලයේ සැරිසරනු දුටු තරුණයෙකි....

ලී කෙලි වන්නම්

පදුරු බටලී සොයා ගන්නට
තැනක් නැති කොන්ක්‍රීට් වනේ
සොයා යකඩින් තැනූ බට ලී
ලී කෙලි නැටුමක් රගදෙතේ

සරුව පිත්තල ඇගේ ලා ගෙන
එලි මැදින් දිදුලන ලදේ
උඩැක්කි හොරනෑ හේවිසි අතහැර
වන්නම් සව්දම් නදදෙතේ

කරත්ත පැල් කවි රගහල අසබඩ
යකඩ කටෙන් අඩහැර ඇසේ
අදුරට සමවැද දෙපැයක හිරවී
ගැමි ගී රසයක කිමිදෙතේ

වෙල් ඉපනැල්ලක කමතක කුබුරක
යන්නට පිං නැති මංපෙතේ
රගහල පසුකර නියෝන් එලිමැද
දඩු මොනරෙක නැග ඉගිලෙතේ

ප්‍රදීප් ලක්ෂිත
2018 | 08 | 15

නන්දා

වියරු වෙස් ගෙන වැදී ගල්පර
බිදී විසිරී ගියෙද මන්දා
වාරකන් මැද හැමූ සුළඟට 
ආදරේ සැගවුනිද නන්දා

හීන පොදි එකිනෙක ගොතාගෙන
ඊයේ හවසත් ගියේ නන්දා
නුබේ හිරිමල් දෑස් අස්සේ
කදුලු බිදු රන් වැටක බන්දා

හීන ඉකිලන පාලු දියබ'ග
හීනයක හැමදේම කැන්දා
තරු පොකුරු මැද නුබව රැජිනකි
හදේ රජවාසලේ නන්දා

සදක් තනියම අහස කෙලවර
පැල්කොටේ ඉකිබිදින හින්දා
රැයේ ගොම්මන කලු කුමාරෙක්
පැලට වැඩියේ ඇයිද නන්දා

වියරු වෙස් ගෙන වැදී ගල්පර
බිදී විසිරී ගියෙද මන්දා
වාරකන් මැද හැමූ සුළඟට 
ආදරේ සැගවුනිද නන්දා

මිතොටමුල්ලේ කුනුකන්ද නාය යයි ----පුවතක්----

හරිත පැහැ තුරු මලින් සරනා
නිලට කෙත්වතු ඈත දිලෙනා
නොමැති මුත් සිපගන්න සොදිනා
මටත් පහලට යන්න සිතුනා

ඉදහිටක මද නල හමායන
තුරුමුදුන් නැති හිසම වේලෙන
යකඩ බෝතල් කුණු දරාගෙන
ලොවට රහසින් කදුළු බේරන

ශේෂ කදු උව දිනෙක සැනෙකින්
පහල ගං මිටියාවත සොයා යන
රුක් මුදුන් සියොතුන් නොදුටු මුත්
මමත් කන්දකි උස්ව වැලපෙන

හීන ඉකිලන දිනෙක සවසක
හීං කෙදිරිලි හඩක් ඇසුනා
පහල ගං මිටියාවත බලන්නට
මටත් මොහොතක් යන්න සිතුනා

නුබ රජෙකි අරුම

දහසින් බැදි පියලි අතැර
වනපොත් මග දමා නිතර
නූපන් පරපුරක උරුම
රකිනා නුබ රජෙකි අරුම

ලේ බිදු දහදිය මුසුකොට
සිප් බැදලූ යදම් දවන
පිට මැද ලූ මුගුරු පහර
හීන් කෙදිරියක දවටන

ත්‍රිමා වෙනුර කරපින්නා
විලංගු ලූ අකුරු සොයන
දහසක් නෙත් විවර කරන
නැව් කුබයක් බර උසුලන

දහසින් බැදි පියලි අතැර
වනපොත් මග දමා නිතර
නූපන් පරපුරක උරුම
රකිනා නුබ රජෙකි අරුම