.තද ඩෙනිමට හිර කමිසෙට
අතේ රැදුනු දුරකථනෙට
හදේ උපන් යැයි පැවසෙන
පෙම පුදදෙන අපූරුව....
මොනරු නැතත් පොකැට් එකේ
ක්‍රෙඩිට් කාඩ් ඇත්නම් අත
ෂොපින් ගිහින් ගත් ඇදුමට
පෙම පුදදෙන අපූරුව....
බඹරා වගේ ඉගිලී එන
ස්කූටර් යන්තරේට
වහ වැටිලා චාටු බසට
පෙම පුදදෙන අපූරුව....
කාත් කවුරුවත් නොදන්න
හෝටලයක කාමරයක
උතුම් සිතා පිදු ප්‍රේමය
සිරකරනා අපූරුව....
මිල මුදලට චාටු බසට
කාමරයේ ඇද මත හිද
දන්ඩේ මුලු ජීවිතයට
ඉකි බදිනා අපූරුව.....