අහසේ සඳ පායලා.. ලොකුම ලොකු හඳක්.. කවියෙකුට නම් සුපුන් සඳක්.. ඒ සඳ එලිය ඇතුලේ කවියො කව් පද අමුනනව ඇති. පෙම්වතුන් පෙම් වදන් දොඩනව ඇති. තව තව අය තව තව සුන්දර දේවල් කරනව ඇති.
ඒත්... කාත් කවුරුවත් නැති මේ නිහඩ රාත්‍රිය, එහෙමත් නැත්නම් සඳ එලිය වැටුන පාලු මූසල රාත්‍රිය ඇතුලෙ මම තවමත් එක දෙයක් හොයනව.එදා වගේම අදත්.... අද වගේම හෙටත් ඒ වගේම සොයාවි... ඒ වෙන කිසි දෙයක් නෙවෙයි. මමවත් නොදන්න දවසක, මේ වගේම පාලු මූසල රාත්‍රියක මාව දාලා ගියපු සැනසීම... මගේම කියල මට තිබුනු සැනසීම..
මූසලකම, පාලුව රජ කරන මේ රාත්‍රියේ හඳට කරන්න පුලුවන් දෙයක් නෑ... හඳ කියන්නෙත් මේ ලෝකෙ ඉන්න තවත් එක පරපෝශිතයෙක් විතරයි.
හිතේ තියෙන අමුතුම හැගීමක් මේ පාලුව ඇතුලේ දෝන්කාර දෙනවා. හැමදාමත් රාත්‍රිය පුරා හොයන සැනසීම කවදාකවත් මම දැක්කෙ නෑ. අමාවක දවසට හඳ නැති රැට තියෙන පාලුව, මූසලකම, තනිකම හඳ පායන පෝය දවසටත් එහෙමමයි... වෙලාවකට හිතෙනව ඇයි මේ මම හඳ එලිය ඇතුලෙ සැනසීම හොයන්නෙ කියලත්.... අද පායන හඳ නෙවෙයි හෙට... හෙට පායන හඳ නෙවේ අනිද්දට... ඒත් හිතේ හැම මොහොතක දූන්කාර දෙන, ඉකි ගගහ අඩන, විලාප තියන තනිකම කවදාවත්ම වෙනස් වෙන එකක් නෑ. සැනසීම කිය්ල දෙයක් කවදාවත්ම හිතේ රජ කරන එකක් නෑ.. හිත ඇතුලට සැනසීම එනකම් හිත ඇතුලට හඳ පායන එකකුත් නෑ.. ඒ කියන්නෙ හිතේ හැමදාම අමාවක රජ කරාවි... වෙලාවකට මට මෙහෙමත් හිතෙනවා..
කලුවර පිරී ඇත දසතම වෙලාගෙන
කිරි පැනි බෙදූ සඳ කොහිදෝ සැගවගෙන
හීන් සුළන් රැලි තනියට හිදින කල
කොතරම් සුන්දරද සඳ නැති අමාවක
ලස්සනයි.හිතට වදින සිතුවිල්ලක්.සුභපැතුම් අනාගතයට
ReplyDeleteගොඩක් ස්තූතියි යාලු....
Deleteඅඩේ ලස්සනයි මචං
ReplyDeleteතැන්කු තැන්කු මතෝ.....
Deleteඅපුරුම මානයකට සිතුවිලි ගෙනයන සිතුවිල්ලක් මචෝ...අගම කවත් පංකාදුයි
ReplyDeleteස්තූතීයි නලින් අය්යේ....
Delete