මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

නන්දා

වියරු වෙස් ගෙන වැදී ගල්පර
බිදී විසිරී ගියෙද මන්දා
වාරකන් මැද හැමූ සුළඟට 
ආදරේ සැගවුනිද නන්දා

හීන පොදි එකිනෙක ගොතාගෙන
ඊයේ හවසත් ගියේ නන්දා
නුබේ හිරිමල් දෑස් අස්සේ
කදුලු බිදු රන් වැටක බන්දා

හීන ඉකිලන පාලු දියබ'ග
හීනයක හැමදේම කැන්දා
තරු පොකුරු මැද නුබව රැජිනකි
හදේ රජවාසලේ නන්දා

සදක් තනියම අහස කෙලවර
පැල්කොටේ ඉකිබිදින හින්දා
රැයේ ගොම්මන කලු කුමාරෙක්
පැලට වැඩියේ ඇයිද නන්දා

වියරු වෙස් ගෙන වැදී ගල්පර
බිදී විසිරී ගියෙද මන්දා
වාරකන් මැද හැමූ සුළඟට 
ආදරේ සැගවුනිද නන්දා

මිතොටමුල්ලේ කුනුකන්ද නාය යයි ----පුවතක්----

හරිත පැහැ තුරු මලින් සරනා
නිලට කෙත්වතු ඈත දිලෙනා
නොමැති මුත් සිපගන්න සොදිනා
මටත් පහලට යන්න සිතුනා

ඉදහිටක මද නල හමායන
තුරුමුදුන් නැති හිසම වේලෙන
යකඩ බෝතල් කුණු දරාගෙන
ලොවට රහසින් කදුළු බේරන

ශේෂ කදු උව දිනෙක සැනෙකින්
පහල ගං මිටියාවත සොයා යන
රුක් මුදුන් සියොතුන් නොදුටු මුත්
මමත් කන්දකි උස්ව වැලපෙන

හීන ඉකිලන දිනෙක සවසක
හීං කෙදිරිලි හඩක් ඇසුනා
පහල ගං මිටියාවත බලන්නට
මටත් මොහොතක් යන්න සිතුනා

නුබ රජෙකි අරුම

දහසින් බැදි පියලි අතැර
වනපොත් මග දමා නිතර
නූපන් පරපුරක උරුම
රකිනා නුබ රජෙකි අරුම

ලේ බිදු දහදිය මුසුකොට
සිප් බැදලූ යදම් දවන
පිට මැද ලූ මුගුරු පහර
හීන් කෙදිරියක දවටන

ත්‍රිමා වෙනුර කරපින්නා
විලංගු ලූ අකුරු සොයන
දහසක් නෙත් විවර කරන
නැව් කුබයක් බර උසුලන

දහසින් බැදි පියලි අතැර
වනපොත් මග දමා නිතර
නූපන් පරපුරක උරුම
රකිනා නුබ රජෙකි අරුම

දුම්රියට පැන්න තරුණියකට දුම්රිය කී කව

ඈත උලමෙකු ගැයූ ගීතයෙ
හඩින් දෙසවන මත් උනා
නුබේ දෙනෙතින් ගැලූ කදුළැල්
අදුන ගන්නට බැරි උනා

ළංව හිනහී එකට ඉන්නට
වරම් නොමැතිව ලතවෙනා
පීලී දෙකකට මැදිව කෙලෙසක
පෙමක් හෙව්වද එක්වෙනා

අගුරු කැට කා වතුර බීගෙන
සුසුම් දුම් රොඩු වගුරනා
යකඩ අස්සේ ගැහෙන හදවත
නගේ නුබ දැක වැලපුනා