නිමිත්ත:-
නිමලදාසගේ 56 හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ශනයට සුපුරුදු පරිදි නිමලදාස දොස්තර හා මෝචරියට ඇතුලු විය.
එකදහස් නවසිය හැට එකේ ඉපදුන
වයස අවුරුදු හැටක් ගතවුන
ඉස්පිරිතාලේ මිනී කපන නිමලදාස
වෙදදුරු සමඟ විත් මිනී කාමරයට
බලා මියගිය සිය පිය'ඹ දෙස....
''අනේ නිමලේ ඇයිද අද මේ
පිහියකුත් අත තියන් ආවේ
හතලිහක් වස් නුඹ සමඟ ආ
මන් කපන්නද ආවෙ නිමලේ...
මන් කාර බැඳ ආව දවසේ
සේද සළු නුඹ ලිහූ සයනේ
අදත් මා සළු ලිහන මොහොතේ
මතක් වෙනවද මගේ නිමලේ....
දූ පුතුන් දුරු රටක නිමලේ
උන් හොඳින් ඇති නේද නිමලේ
එක් වරක් උන් රුව දකින්නට
මගේ ඇස් ඇරෙනවද නිමලේ.....
ලෙඩ ඇඳට මා සිරවු මොහොතේ
දරුවනුත් ළඟ නෑනෙ නිමලේ
ඇඳ ලඟට වී ඔලුව අතගා
නිඹයි හිත සැනසුවේ නිමලේ....
සුවහසක් ළය පැලූ දෑතින්
කඳුළු පිරවූ මහලු දෙනෙතින්
මා ළයත් නුඹ පලා සැතකින්
ආදරේ සෙව්වාද නිමලේ...
ආදරේ දුටුවාද නිමලේ....
කව්ද නිමලෙට කන්න දෙන්නේ
නිමලෙ ළඟ තනි නොතනියට ඉන්නේ
මාත් එක්කම යන්න එන්නට
නුඹට ඇහැකිද මගේ නිමලේ...''
----හිතුවක්කාරයා----
ජීවිතේ එපා වෙනවා.මේක දැක්කම......හරිම ලස්සන සිතුවිල්ලක්
ReplyDeleteස්තූතියි සහෝ..
Deleteමේවට කියන්නේ කුනුහරුප කියලායි. ප්‍රදීප් ලියපු එකක් මේක.. මේ දින වල ජනප්‍රියම කවිය. කැතයි හොදේ
ReplyDeleteSahodaraya... Hodata kiyawala balanna... Pradeep liyapu kawiyai me kawiyai dekama ekakda kiyala... Kawiyata nimiththa eka unata kawiya ekama newei...hodata kiyawala balanma kawi 2ke wenass
ReplyDeleteසොරි වෙන්යෝනේ.. කවිය කියෙව්වේ නැහැ. හෙඩිමයි අප්සැට් උනේ. කමක් නැහැ.. ඒ ඇසුරින් තවත් කවි බිහි උනාම තවත් ශක්තිමත් වේවි..
Deleteපිස්සු හැදිල ආයෙත් හැදෙනවා.. සතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා!!
ReplyDeleteඒකනම් ඇත්ත සහෝ....ස්තූතියි සහෝ...
Deleteමීට සමාන සිද්ධියක් වුණා මතකැති.
ReplyDeleteමතක විදිහට කොල්ලුපිටිය හෝ වැල්ලවත්ත රේල් පාරේ ගිය කෙල්ලයි කොල්ලයි, කෝච්චියේ හැප්පලා. කෙල්ල මැරිලා. පස්සෙ කෙල්ලව අරන් ගිය මල්ශාලාවෙ ඩ්‍රැයිවර් ඒකිගේ තාත්තා.
හැබෑ ලෝකෙ මේවා සිද්ධ වෙනවා කියන්න මතක් කලේ.
ජය !
ඒකනම් ඇත්ත සහෝ....ස්තූතියි සහෝ...
Deleteහරිම සංවේදී ලස්සන නිර්මාණයක්.
ReplyDeleteරුවන් බන්දුජීවගේ බස් අනතුර ගැන ලියූ කිවිය මතක් වුණා
ජයවේවා.!
ස්තූතියි සහෝ...
Deleteඑකම නිමිත්තක්.. සුපිරි කවි දෙකක්..
ReplyDeleteජයවේවා..!!
ස්තූතියි සහෝ...
Delete