අතු පතර විහිදාන
ඇසිපිය පවා නොසලාන
කෙදින හො ජය ටැඹක් දකිමැයි
අට්ටාලෙ දෙස බලන වගනම්....
මසකට වරක් නොවරදව
දෙනෙත් කදුලින් බරව
සෙවන දේ හිස පසෙක හරවන්
අවි අමෝරන කුලී රැලකට...
ඉද හිටක බැටන් පොලු
තව විටක කඳුළු බිඳු
ඉවසාන නෙත් බරව සිටී නුඹ
දිනන තුරු සිරකල අකුරු.....
campus ekay culture eke manawa pilibibu kirimak
ReplyDeleteස්තූතීයි අදහසට සහ මේ පැත්තට ගොඩ වැදුනට...
Deleteඋන්ට නෑසුනු උන්ට නොපෙනුනු
ReplyDeleteදින දෙසීයක් ගෙවී යන තැන...
එක්ව නැගිටිනු හැරෙන්නට වෙන
යමක් ඉතිරිව පෙනෙන්නට නැත...
අමන පාලක රැලක් එක්වී
Deleteඅකුරු සිරකල පවුරු බිදිනට
වරෙවු සගයනි තවත් නොසිතා
යදියි නුඹෙ වෙර සටන් බිම අද...
ස්තූතීයි අදහසට සහ මේ පැත්තට ගොඩ වැදුනට...
Deletehttp://nelumyaya.com/?p=3322
ReplyDeleteඔය ගහට කතා කරන්න බැරි නිසා කවුරැ හරි පොඩි කැමරාවක් හයි කර නම් මොකද
ඒකත් ඇත්ත තමා මචන්... ඔය ගහ කතා කරානම් ගොඩක් දේවල් පවසාවි.... ස්තූතීයි මේ පැත්තට ආවට......
Deleteපට්ට මචං...
ReplyDeleteස්තූතීයි සහෝ මේ පැත්තට ගොඩ වැදුනට......
Deleteකැම්පස් ආවම මං අප්පච්චිට රටක් ලැබුණලු
ReplyDeleteඅවුරුද්දක් දෙකක් යද්දි කුඹුරත් සින්න වුනාලු
කුඹුර බේරගන්න හිතං අම්මා රට ගියාලු
ඇමති තුමෝ ලොකු නෑ ඔය බැටන් පොලු
ඒකනම් ඇත්ත සහෝ.... ස්තූතියි කවියට සහ මේ පැත්තට ආවට...
Deleteඔය වේදනාවන් අැතුලේ රටේ ජනතාවගේ බලාපොරොත්තු තියෙනවා......
ReplyDeleteඔව් සහෝ... ස්තූතීයි අදහසට......
Delete