මෙ කවිය චමින්ද ප්‍රදීප් සිල්වා සහොදරයාගේ "නටු නොකී කවි" කවියට ලියපු පිලිතුරු කවියකි...
වැව් තලෙන් හිස දමා එලියට
හිරුට හිනහුනු එ අතීතෙක
මඩේ හිද මා දියෙන් උස්සන්
නුබයි මා දැඩි කලේ මොහොතක...
හිරුත් අහසට නැගෙන්නට පෙර
දනන් ඇවිදින් නෙලන දවසක
මා තැලේ යැයි බියෙන් ඇලලී
නුබයි ගත දිගු කලේ හනිකට.....
බුදු පුදට මා ගතින් වෙන්කර
පුදසුනේ මා තැබූ දිනයක
දැනුනු තනිකම මෙපමණක් යැයි
නුබට පවසම් කෙලෙස සකිසද....
නුබ නොමැති සොව නිසාදෝ මා
පෙති හැකිල මිලිනවී සවසක
පුදසුනෙන් ගොස් නැවතුමක් විය
අදුරු මුල්ලක කසල බදුනක....
දහක් කුනු මැද කසළ බදුනේ
සොවින් බරවී සිටියෙ නුබමැයි
තැලී මල්පෙති මියෙන මොහොතක
ගතින් සයනක් සැදුවෙ නුබමැයි....
----හිතුවක්කාරයා-----
ළබැඳියන් උනුන් වෙනුවෙන් කරන කැප කිරීම් නෙළුමකට හා නටුවකට සාපේක්ෂව මනා ලෙස කියා දී ඇතැයි සිතමි
ReplyDeleteලස්සනයි ඔබට ජය!
ස්තූතියි සහෝ...
Deleteඅගේ අැති පද ටිකක් සහ සිතුවිල්ලක්
ReplyDeleteස්තූතියි සහෝ...
Deleteහ්ම්ම් ආදරනීය කවියක්
ReplyDeleteසබරේ අැනෝ
ස්තූතියි සහෝ...
Deleteමෙච්චර ලස්සන පිළිතුරු කවියක් මැවෙන්න 'නටු නොකී කවි' කොච්චර 'ගති' ඇත්ද? රෙඩා නැද්ද ලින්ක් එකක් එහෙම?
ReplyDeleteස්තූතියි සහෝ...ලින්ක් එකනම් නෑ සහෝ.... FB එකේ චමින්ද ප්‍රදීප් අයියගේ වෝල් එකේ තියෙනව සහෝ...
Delete