තැන තැන පස් බෝය අලුතින් ගොඩ දාලා
ගොක් කොල සුදු රෙදිය සැමතැන විසිරීලා
නිසසල බිමකි කවුරුත් එයි සැතපිලා
සුදු මල් පලස මත පර මල් වියැකුනිදෝ
අළුතින් නුබට යහනක් මැහි ඉදිවුනිදෝ
මළහිරු බසින යාමේ එහි සැතපුනිදෝ
පාලුව මකන්නට කවුරුත් ළඟ නැතිදෝ
උළමෙකි රැහැයියෙකි ඉඳ හිට හඬ නගන
නිසලයි මෙබිම් කඩ සැම දන පිය නගන
ආමුත් අළුත් අය සැමදා මෙහි නිතින
පාළුය සොහොන් බිම තනිකම ඇත සොඳින
---- හිතුවක්කාරයා ----
ෆට්ට..........
ReplyDeleteතැන්කු තැන්කු මචන්......
Deleteහ්ම්... හිත අයින් උනු අපේ ශරීරයටත් දවසක යන්න වෙන තැන නේ
ReplyDeleteඔව් අනූ..... එත් කවදාවත් මැරෙන්නෙ නෑ වගෙ මිනිස්සු ජිවත් වෙන එක තමා අවුල........
Delete