රටට විනකල නේක උවදුරු
ලියු නිසා මා මගේ කවියක...........
නොකල වරදක් හිසේ පටවා
සිරකලා මා අඳුරු කුටියක.............
සිතේ තෙරපෙන නේක අදහස්
සිතේ පබඳිනු යලිඳු කවියක.........
කවි ලියන්නට නොහැක මා හට
අඳුරු කුටියෙදි සුමුදු කොලයක..........
නමුදු කව් පද ගොතමි අද මම
පෑන වෙනුවට අඟුරු කැට ගෙන...........
වලකන්නට බැරි සිතුම් ගොන්න
ReplyDeleteකවි කරමි සිරගත නොකර
වලකාලන්නට තව බැමි නැති කොට
හිත නිදහසේ ලියමි මම කව..
සිතිවිලි ගොන්න ගැලුවත් බැමි පවුරු බිඳ
Deleteපන්හිඳ පොර බඳී දෑඟිලි අතර හිඳ
ලියු කව් වලට වාරණ එන දිනකි අද
කෙලෙසක ලියමි මා සිතිවිලි කවක බැඳ..........