පියෙකු හා ඔහුගේ මිතුරන් පිරිසක් මත්පැන් පානය කර, සිය දියනිය දූශනය කරයි..
සඳ මඩල සැගව ගිය
අදුර පිරි මහ රැයක
බබර රැනක් හෙමින් ළන් උනා
මදුවිතේ මදු සුවඳ පැතිරුනා
විදුලි මිනි නිවී ගොස්
අඳුර රජයන පැයට
බකමූනු හඬ දසත පැතිරුනා
පාළු සොහොනක හැගුම් මතු උනා
රැය පහන් කරනු රිසි
මතින් ලොල් බබර කැල
සගයෙකුගෙ නිවස්නට ලන් උනා
මල් කැකුල වෙත නෙතඟ යා උනා
දුරු රටක ගිය මව්ගෙ
උනුහුමේ සිත රඳන්
මල් කැකුල කොට්ටයට ගුලි උනා
මව් රැජින හිනයෙන් හිනහුනා
මතින් මත් බබර කැළ
හලා විශ සිය තුඩඟ
රාගින්න මල් පෙතට මුහු කලා
මල් කැකුල පෙති හොරෙන් හැකිලුවා
මතින් සිත සනසාන
ගැබුරු සිහිනෙක කිමිද
පිය රජුන් සයනයේ සැතපුනා
මල් කැකුල පෙති හලන් හැකිලුනා
කාලකන්නි සමාජය කවියෙකුගේ ඇසින්...මරු
ReplyDeleteස්තූතියි සහෝ..
Deleteනියමයි රෙඩා නියමයි.....නිමිත්ත එලෙසින්මයි
ReplyDeleteස්තූතියි සහෝ..
Deleteමාමලා ගොඩක් විත් කරුවලේ මට අපල කෙරුවා
ReplyDeleteඅනේ අම්මේ මගෙ තාත්තත් ඒ අතර උන්නා
සංවේදී සිදුවීමකට ලියැවුණු සංවේදී කවක්
ජයවේවා ඔබට!....
ස්තූතියි සහෝ..
Deleteඋන් නං කාලකන්නිම තමා බං..
ReplyDeleteඒකනම් ඇත්ත සහෝ.....ස්තූතියි සහෝ..
Deleteසිද්ධිය ගැන කියන්න දෙයක් නැනේ... කවිය ගැන කියන්නම්......... පට්ට
ReplyDeleteස්තූතියි සහෝ..
Deleteඅද දැක්කෙ... සුපිරිම කවක්...
ReplyDeleteජයවේවා..!!
ස්තූතියි සහෝ..
Delete