මේ මම @ Facebook

අම්මා......


හිරු නිදන් සිටින'තර පාන්දර              ඇහැරිලා
පොඩි උන්ට උයන්නට ලිප ගිනිද      මොලවලා
හාල් හුන්ඩුව උයන් සම්බලය               අබරලා
කහට උගුරක් කුසට දමා ඈ               පිටවෙලා

හිරු රැස් මැදින් සොයමින් ජීවන           කඳුලේ
මිටියක් අතට ගෙන කඩමින් ගල්         මෝලේ
කහට උගුර බීසිනි බිඳ ලා                     අල්ලේ
කහටට ලැබුනු විස්කෝතුව පන්           මල්ලේ

දවස තිස්සේ කබුරා
දෑත කරගැට අතුරා
නැගුන දා බිඳු පිසදා
කඳුලු කලයක් පුරවා

මෝලෙන් ලැබුනු සොච්චම කඩයට      දෙනවා
හාල් පොල් මිරිස් ගෙන පැස             පුරවනවා
දා බිඳු කඳුලු හන්ගා ඈ                   හිනහෙනවා
සඳවත සමග සවසට ඈ ගෙට                 එනවා

පියතුමා ගිය දිනේ සිට බර                  අදින්නියා
මෝලේ වැඩට ගොස් කඳුලැලි       සොයන්නියා
සොඬ දිගුකොට නෙලා පල වැල ගෙනෙන්නියා
අම්ම මගේ දිවි ගමනේ                     ඇතින්නියා

0 Comments:

Post a Comment

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...