මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

මෙසේ පාපොච්චාරනය කරන වගනම්....


තරාදිය එක් අතින් එල්ලා
දෑස් රෙදි කඩින් බැඳ
යුක්තියේ යුවතිය අසල හිඳි
නඩුකාර තැන අසනු මැන

වයස දාහතක් පිරුනත්
තවම පාසල් ගමන නෑ නිම
ඉඳ හිටක හෝ සුවාමිනි මම
පාසලට පිය නැගුව සත්තයි....

අපේ වයසේ උන්නු සමහරු
අඳුරු මුලු වල රති කෙලින විට
හැඟුම් ඇහැරී මමත් ඉඳහිට
අසැබි දසුනුත් බැලුව සත්තයි....

යහලුවන් පන්තියෙ එකට සිටි
තනිය මකනට පෙම් කෙලින සඳ
මගේ තනි නොතනියට ඉඳහිට
කන්සා කූරක් ගැසුව සත්තයි....

එහා ගෙදර උන් පුන්චි නැගනිය
මා සමග හුරතලෙන් සිටි විට
මගේ නැගනිය ලෙසින් මට
හැඟුනු බවනම් කියමි සත්තයි...

අසනු මැන නඩුකාර හිමියනි
අසැබි බැලුවත් කන්සා ගැසුවත්
පුන්චි නැගනිය දිහා කිසි දින
වැර'දැසින් නොබැලුවෙමි සත්තයි....

සැමට යුක්තිය පසඳලන
සුපින්වත් නඩුකාර තැන
මට කියන්නට ඇත්තෙ මෙපමනි
මටත් යුක්තිය පසිඳලනු මැන.....

නිමිත්ත :-
සේයා දැරියගේ ඝාතනයට සැක පිට 17 හැවිරිදි පාසල් සිසුවෙකු රක්ශිත බන්ධනාගාර ගත කරයි

                                                                                               ----හිතුවක්කාරයා----

නුඹට....



පුරන් වූ කෙත් බිම 
නිලට අස්වද්දන්නට......

අඳුරු වූ නුබ ගැබ
සඳ කැනින් නහවන්නට......

රුදුරු සහරා කතරට
අසනි වැසි වස්සන්නට.......

ඉරි තැලුනු මහද ගැබ
ආදරෙන් සනහන්නට.......

නුඹ පැමිනි වගනම්
සොඳුරියෙ
නුඹ පැමිනි වගනම්.......

                                                ------හිතුවක්කාරයා-----

සරසවි බිම ඉදිරිපස ඇති අට්ටාලය දෙසට මුහුන ලා ඇති ගසට.....



අතු පතර විහිදාන
ඇසිපිය පවා නොසලාන
කෙදින හො ජය ටැඹක් දකිමැයි
අට්ටාලෙ  දෙස බලන වගනම්....

මසකට වරක් නොවරදව
දෙනෙත් කදුලින් බරව
සෙවන දේ හිස පසෙක හරවන්
අවි අමෝරන කුලී රැලකට...

ඉද හිටක බැටන් පොලු
තව විටක කඳුළු බිඳු
ඉවසාන නෙත් බරව සිටී නුඹ
දිනන තුරු සිරකල අකුරු.....

                                                                                                       ----හිතුවක්කාරයා----

නෙලුම් මලක් නටුවට කී කතාවක්.....


මෙ කවිය චමින්ද ප්‍රදීප් සිල්වා සහොදරයාගේ "නටු නොකී කවි" කවියට ලියපු පිලිතුරු කවියකි...

වැව් තලෙන් හිස දමා එලියට
හිරුට හිනහුනු එ අතීතෙක
මඩේ හිද මා දියෙන් උස්සන් 
නුබයි මා දැඩි කලේ මොහොතක...


හිරුත් අහසට නැගෙන්නට පෙර 
දනන් ඇවිදින් නෙලන දවසක 
මා තැලේ යැයි බියෙන් ඇලලී
නුබයි ගත දිගු කලේ හනිකට.....


බුදු පුදට මා ගතින් වෙන්කර 
පුදසුනේ මා තැබූ දිනයක 
දැනුනු තනිකම මෙපමණක් යැයි 
නුබට පවසම් කෙලෙස සකිසද....


නුබ නොමැති සොව නිසාදෝ මා
පෙති හැකිල මිලිනවී සවසක
පුදසුනෙන් ගොස් නැවතුමක් විය 
අදුරු මුල්ලක කසල බදුනක....


දහක් කුනු මැද කසළ බදුනේ
සොවින් බරවී සිටියෙ නුබමැයි
තැලී මල්පෙති මියෙන මොහොතක 
ගතින් සයනක් සැදුවෙ නුබමැයි....


                                                                   ----හිතුවක්කාරයා-----

පෙති තැලුනු මල් කැකුල....


නිමිත්ත:-
පියෙකු හා ඔහුගේ මිතුරන් පිරිසක් මත්පැන් පානය කර, සිය දියනිය දූශනය  කරයි..

සඳ මඩල සැගව ගිය
අදුර පිරි මහ රැයක
බබර රැනක් හෙමින් ළන් උනා
මදුවිතේ මදු සුවඳ පැතිරුනා

විදුලි මිනි නිවී ගොස්
අඳුර රජයන පැයට
බකමූනු හඬ දසත පැතිරුනා
පාළු සොහොනක හැගුම් මතු උනා

රැය පහන් කරනු රිසි
මතින් ලොල් බබර කැල
සගයෙකුගෙ නිවස්නට ලන් උනා
මල් කැකුල වෙත නෙතඟ යා උනා

දුරු රටක ගිය මව්ගෙ
උනුහුමේ සිත රඳන්
මල් කැකුල කොට්ටයට ගුලි උනා
මව් රැජින හිනයෙන් හිනහුනා

මතින් මත් බබර කැළ
හලා විශ සිය තුඩඟ
රාගින්න මල් පෙතට මුහු කලා
මල් කැකුල පෙති හොරෙන් හැකිලුවා

මතින් සිත සනසාන
ගැබුරු සිහිනෙක කිමිද
පිය රජුන් සයනයේ සැතපුනා
මල් කැකුල පෙති හලන් හැකිලුනා