මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

සරසවි බිම ඉදිරිපස ඇති අට්ටාලය දෙසට මුහුන ලා ඇති ගසට.....



අතු පතර විහිදාන
ඇසිපිය පවා නොසලාන
කෙදින හො ජය ටැඹක් දකිමැයි
අට්ටාලෙ  දෙස බලන වගනම්....

මසකට වරක් නොවරදව
දෙනෙත් කදුලින් බරව
සෙවන දේ හිස පසෙක හරවන්
අවි අමෝරන කුලී රැලකට...

ඉද හිටක බැටන් පොලු
තව විටක කඳුළු බිඳු
ඉවසාන නෙත් බරව සිටී නුඹ
දිනන තුරු සිරකල අකුරු.....

                                                                                                       ----හිතුවක්කාරයා----

නෙලුම් මලක් නටුවට කී කතාවක්.....


මෙ කවිය චමින්ද ප්‍රදීප් සිල්වා සහොදරයාගේ "නටු නොකී කවි" කවියට ලියපු පිලිතුරු කවියකි...

වැව් තලෙන් හිස දමා එලියට
හිරුට හිනහුනු එ අතීතෙක
මඩේ හිද මා දියෙන් උස්සන් 
නුබයි මා දැඩි කලේ මොහොතක...


හිරුත් අහසට නැගෙන්නට පෙර 
දනන් ඇවිදින් නෙලන දවසක 
මා තැලේ යැයි බියෙන් ඇලලී
නුබයි ගත දිගු කලේ හනිකට.....


බුදු පුදට මා ගතින් වෙන්කර 
පුදසුනේ මා තැබූ දිනයක 
දැනුනු තනිකම මෙපමණක් යැයි 
නුබට පවසම් කෙලෙස සකිසද....


නුබ නොමැති සොව නිසාදෝ මා
පෙති හැකිල මිලිනවී සවසක
පුදසුනෙන් ගොස් නැවතුමක් විය 
අදුරු මුල්ලක කසල බදුනක....


දහක් කුනු මැද කසළ බදුනේ
සොවින් බරවී සිටියෙ නුබමැයි
තැලී මල්පෙති මියෙන මොහොතක 
ගතින් සයනක් සැදුවෙ නුබමැයි....


                                                                   ----හිතුවක්කාරයා-----

පෙති තැලුනු මල් කැකුල....


නිමිත්ත:-
පියෙකු හා ඔහුගේ මිතුරන් පිරිසක් මත්පැන් පානය කර, සිය දියනිය දූශනය  කරයි..

සඳ මඩල සැගව ගිය
අදුර පිරි මහ රැයක
බබර රැනක් හෙමින් ළන් උනා
මදුවිතේ මදු සුවඳ පැතිරුනා

විදුලි මිනි නිවී ගොස්
අඳුර රජයන පැයට
බකමූනු හඬ දසත පැතිරුනා
පාළු සොහොනක හැගුම් මතු උනා

රැය පහන් කරනු රිසි
මතින් ලොල් බබර කැල
සගයෙකුගෙ නිවස්නට ලන් උනා
මල් කැකුල වෙත නෙතඟ යා උනා

දුරු රටක ගිය මව්ගෙ
උනුහුමේ සිත රඳන්
මල් කැකුල කොට්ටයට ගුලි උනා
මව් රැජින හිනයෙන් හිනහුනා

මතින් මත් බබර කැළ
හලා විශ සිය තුඩඟ
රාගින්න මල් පෙතට මුහු කලා
මල් කැකුල පෙති හොරෙන් හැකිලුවා

මතින් සිත සනසාන
ගැබුරු සිහිනෙක කිමිද
පිය රජුන් සයනයේ සැතපුනා
මල් කැකුල පෙති හලන් හැකිලුනා

මිනී කපන නිමලදාස...

නිමිත්ත:-
නිමලදාසගේ 56 හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ශනයට සුපුරුදු පරිදි නිමලදාස දොස්තර හා මෝචරියට ඇතුලු විය.

එකදහස් නවසිය හැට එකේ ඉපදුන
වයස අවුරුදු හැටක් ගතවුන
ඉස්පිරිතාලේ මිනී කපන නිමලදාස
වෙදදුරු සමඟ විත් මිනී කාමරයට
බලා මියගිය සිය පිය'ඹ දෙස....

''අනේ නිමලේ ඇයිද අද මේ
පිහියකුත් අත තියන් ආවේ
හතලිහක් වස් නුඹ සමඟ ආ
මන් කපන්නද ආවෙ නිමලේ...

මන් කාර බැඳ ආව දවසේ
සේද සළු නුඹ ලිහූ සයනේ
අදත් මා සළු ලිහන මොහොතේ
මතක් වෙනවද මගේ නිමලේ....

දූ පුතුන් දුරු රටක නිමලේ
උන් හොඳින් ඇති නේද නිමලේ
එක් වරක් උන් රුව දකින්නට
මගේ ඇස් ඇරෙනවද නිමලේ.....

ලෙඩ ඇඳට මා සිරවු මොහොතේ
දරුවනුත් ළඟ නෑනෙ නිමලේ
ඇඳ ලඟට වී ඔලුව අතගා
නිඹයි හිත සැනසුවේ නිමලේ....

සුවහසක් ළය පැලූ දෑතින්
කඳුළු පිරවූ මහලු දෙනෙතින් 
මා ළයත් නුඹ පලා සැතකින්
ආදරේ සෙව්වාද නිමලේ...
ආදරේ දුටුවාද නිමලේ....

කව්ද නිමලෙට කන්න දෙන්නේ
නිමලෙ ළඟ තනි නොතනියට ඉන්නේ
මාත් එක්කම යන්න එන්නට
නුඹට ඇහැකිද මගේ නිමලේ...''

                                                                                                                               ----හිතුවක්කාරයා----

නූතන මනමේ කතා වස්තුව......


උනා මිරිවැඩි සඟල අගුපිල
රළු පොළොව මත පය ගැසූ
මනමෙ කුමරුන් නුඹම වේමැයි
මගේ අතිනත ගෙන විසූ.....

කුසට අහරක් හිසට වහලක්
නොමැති මුත් හරිහැටි සැදූ
රළු හිතින් පෙම මුදා විදහල
නුඹයි කුමරුනි මගෙ සඳූ....

උනා වැරහැලි සයනයක හිඳ
වැදි රජුන් ළඟ දණ නැමූ
මනමෙ කුමරිය මමයි හිමියනි
කඳුළු සඟවන් හිනහුනු.....

එදා කුමරුනි නුඹට කොපුවත්
වැදි රජුට කඩුවත් පිදූ
දුශ්ඨ කුමරිය නොවෙම් අද මා
නුඹට පමණක් හිත පිදූ....

කාසි පොදි ළඟ නුඹට රහසින්
දණ නැමූ පව සිහිවුනී
කොපුව සඟවන් කඩුව දෙමි මා
හිස සිඳින්නට කුමරුනී....