රුදුරු මුරුසන් වැස්ස නිමවා
පායනා දේදුන්න සුන්දර
සිනාසෙන්නේ කිමද මෙතරම්
දුරට වී හිඳ පාට තවරන්....
නුබේ ආඩම්බර සිනාවෙන්
කියන්නේ යලි අසුරු සැනකින්
මුරුගසන් වැසි වැටෙන බවනම්
කෙලෙස අප පෙම් කරන් සිතකින්.....
ඔලොකුවට සිනාසෙන
ආඩම්බර පාට හතට.....
-----හිතුවක්කාරයා----
-----හිතුවක්කාරයා----
සමහරක් වේලාවට දේදුන්න එන්නේ නෑ. වැස්ස විතරක් වැහලා යනවා. අපි ඉතිං ඉන්නවා බලාගෙන දේදුන්න පායනකල්
ReplyDeleteඒකනම් ඇත්ත සහෝ.....
Deleteදෙදෙනුත් හරියට කෙල්ලෝ වගේ තමයි.. මේ ඇතිවෙනවා.. මේ නැති වෙනවා.....
ReplyDeleteහොදට අත්දැකීම් තියනව වගේ.....
Deleteඅපූරුයි!!!
ReplyDeleteස්තූතියි වැප්.......
Deleteවැඩේ තේරුණේ අවසානයටම ය.
ReplyDeleteඑල ය.
අවසානයට හෝ තේරුනානම් මරුය.....
Deleteඅපේ ජීවිතෙත් මේ වගේ, හිනහවට පිටිපස්සෙ හැංගිලා තියෙන්නෙ කඳුළු
ReplyDeleteඒකනම් ඇත්ත අනූ.... ජිවිතේ හැම සුන්දර දෙයක්ම පෛටිපස්සෙ කදුලු ගන්ගාවක් තියෙනව......
Deleteපාට හතට නොදෙවෙනි පද රටාවක්
ReplyDeleteගොඩාක් ස්තූතියි නලින් අයියේ... මේ පැත්තට පය ගහපු එක ලොකු හයියක්......
Deleteලස්සන කවි පොඩ්ඩ...
ReplyDeleteස්තූතියි සහෝ.....
Deleteඅපුරු කවියක්. දේදුන්නේ පාට සහ එකේ අනුපිලිවෙල අරගෙන තමයි ජාත්‍යන්තරව පිළිගත් සමුපකාර කොඩිය හැදිලා තියෙන්නෙ.එකේ එක් එක් පාට සඳහා නිර්වචනයවූ නිශ්චිත අර්ථකතන මෙන්ම පාට 6ම එකතු උනාම හැදෙන ධවල වර්ණය ගැනත් නිර්වචන තියෙනවා. අවාසනාවට අපේ රටේ සමුපකාර ව්‍යාපාරය තුල එම නිවචන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැහැ.
ReplyDeleteස්තූතියි අදහසට........
Delete