මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

පෙති තැලුනු මල් කැකුල....


නිමිත්ත:-
පියෙකු හා ඔහුගේ මිතුරන් පිරිසක් මත්පැන් පානය කර, සිය දියනිය දූශනය  කරයි..

සඳ මඩල සැගව ගිය
අදුර පිරි මහ රැයක
බබර රැනක් හෙමින් ළන් උනා
මදුවිතේ මදු සුවඳ පැතිරුනා

විදුලි මිනි නිවී ගොස්
අඳුර රජයන පැයට
බකමූනු හඬ දසත පැතිරුනා
පාළු සොහොනක හැගුම් මතු උනා

රැය පහන් කරනු රිසි
මතින් ලොල් බබර කැල
සගයෙකුගෙ නිවස්නට ලන් උනා
මල් කැකුල වෙත නෙතඟ යා උනා

දුරු රටක ගිය මව්ගෙ
උනුහුමේ සිත රඳන්
මල් කැකුල කොට්ටයට ගුලි උනා
මව් රැජින හිනයෙන් හිනහුනා

මතින් මත් බබර කැළ
හලා විශ සිය තුඩඟ
රාගින්න මල් පෙතට මුහු කලා
මල් කැකුල පෙති හොරෙන් හැකිලුවා

මතින් සිත සනසාන
ගැබුරු සිහිනෙක කිමිද
පිය රජුන් සයනයේ සැතපුනා
මල් කැකුල පෙති හලන් හැකිලුනා

මිනී කපන නිමලදාස...

නිමිත්ත:-
නිමලදාසගේ 56 හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ශනයට සුපුරුදු පරිදි නිමලදාස දොස්තර හා මෝචරියට ඇතුලු විය.

එකදහස් නවසිය හැට එකේ ඉපදුන
වයස අවුරුදු හැටක් ගතවුන
ඉස්පිරිතාලේ මිනී කපන නිමලදාස
වෙදදුරු සමඟ විත් මිනී කාමරයට
බලා මියගිය සිය පිය'ඹ දෙස....

''අනේ නිමලේ ඇයිද අද මේ
පිහියකුත් අත තියන් ආවේ
හතලිහක් වස් නුඹ සමඟ ආ
මන් කපන්නද ආවෙ නිමලේ...

මන් කාර බැඳ ආව දවසේ
සේද සළු නුඹ ලිහූ සයනේ
අදත් මා සළු ලිහන මොහොතේ
මතක් වෙනවද මගේ නිමලේ....

දූ පුතුන් දුරු රටක නිමලේ
උන් හොඳින් ඇති නේද නිමලේ
එක් වරක් උන් රුව දකින්නට
මගේ ඇස් ඇරෙනවද නිමලේ.....

ලෙඩ ඇඳට මා සිරවු මොහොතේ
දරුවනුත් ළඟ නෑනෙ නිමලේ
ඇඳ ලඟට වී ඔලුව අතගා
නිඹයි හිත සැනසුවේ නිමලේ....

සුවහසක් ළය පැලූ දෑතින්
කඳුළු පිරවූ මහලු දෙනෙතින් 
මා ළයත් නුඹ පලා සැතකින්
ආදරේ සෙව්වාද නිමලේ...
ආදරේ දුටුවාද නිමලේ....

කව්ද නිමලෙට කන්න දෙන්නේ
නිමලෙ ළඟ තනි නොතනියට ඉන්නේ
මාත් එක්කම යන්න එන්නට
නුඹට ඇහැකිද මගේ නිමලේ...''

                                                                                                                               ----හිතුවක්කාරයා----

නූතන මනමේ කතා වස්තුව......


උනා මිරිවැඩි සඟල අගුපිල
රළු පොළොව මත පය ගැසූ
මනමෙ කුමරුන් නුඹම වේමැයි
මගේ අතිනත ගෙන විසූ.....

කුසට අහරක් හිසට වහලක්
නොමැති මුත් හරිහැටි සැදූ
රළු හිතින් පෙම මුදා විදහල
නුඹයි කුමරුනි මගෙ සඳූ....

උනා වැරහැලි සයනයක හිඳ
වැදි රජුන් ළඟ දණ නැමූ
මනමෙ කුමරිය මමයි හිමියනි
කඳුළු සඟවන් හිනහුනු.....

එදා කුමරුනි නුඹට කොපුවත්
වැදි රජුට කඩුවත් පිදූ
දුශ්ඨ කුමරිය නොවෙම් අද මා
නුඹට පමණක් හිත පිදූ....

කාසි පොදි ළඟ නුඹට රහසින්
දණ නැමූ පව සිහිවුනී
කොපුව සඟවන් කඩුව දෙමි මා
හිස සිඳින්නට කුමරුනී....

නුබ නොදත් පෙම්වතා



අහම්බෙන් එක් දිනක්
නුබේ රුව හිනහුනා
හද ගැබේ සැඟව තිබු
කව් පදත් පිබිදුනා...

නෙත් කැලුම් දකින්නට
නෙතට පින ඇත කියා
බෝ කලක් නුබ යනෙන 
මග නොදැන තනි උනා...

මල් කැකුල දකින්නට 
හද හෙමින් කියු නිසා
නුබ සිටින තැන් බලන්
නෙත් යොමා සැඟවුනා...

මුවෙහි ‍රැඳි සිනා පොඳ
සඳ මඩල මෙන් කියා
නුබට රහසින් ‍රැයක 
කව් පදත් ඇමිනුනා.....

නොකියාම එක් දිනක්
නුබ හොරෙන් බැසගියා
නෙත් කැලුම් පද වැනුම්
හදෙහි ඉතිරිව තියා....

නෙත ගැ‍ටුනු දින පටන්
තවම නුබ සිත පතා
සිව් වසක් හිඳින මම
නුබ නොදත් පෙම්වතා...... 

ප්‍රේමයේ මළගම....


සැඩ හිරු ‍රැසින් ගිනි ගහනා මරු කතරේ
දෙනෝ දහක් මැද ඇවිදන් යන අතරේ
දුහුවිලි දා බිදිති මුහුනේ ‍රැඳි අතරේ
නුබ සිටි අපූරුව අදහනු බැහැ සොඳුරේ....

පොඩි උන් සිටියි තැන තැන සෙල්ලම් කරනා
උයනේ කොනක බන්කුව මත නුබ සිටිනා
තනි නොතනියට අත අල්ලාගෙන සොඳිනා
කුමරෙකු සිටිනු අදහා ගනු බැරි කරුනා...

ඉවසා තවත් කෙලෙසක මා හිඳින්නද
හද බැඳි උතුම් පෙම නිම කර දමන්නද
කෙලෙසක තවත් නුබ මාගේ සිතන්නද
මා පෙම් කලේ මේ ලෙස දුක් ලබන්නද.....

පිවිතුරු උතුම් යැයි කී පෙම නිම කරමි
හදවත බැඳුන පැතුමන් උගුලා දමමි
හිරු ‍රැස් ඉවසාන තනිවම වල කපමි
දෙනෝ දහක් මැද පෙම වලලා දමමි....

                                                                                                             .....හිතුවක්කාරයා.....