අහම්බෙන් එක් දිනක්
නුබේ රුව හිනහුනා
හද ගැබේ සැඟව තිබු
කව් පදත් පිබිදුනා...
නෙත් කැලුම් දකින්නට
නෙතට පින ඇත කියා
බෝ කලක් නුබ යනෙන
මග නොදැන තනි උනා...
මල් කැකුල දකින්නට
හද හෙමින් කියු නිසා
නුබ සිටින තැන් බලන්
නෙත් යොමා සැඟවුනා...
මුවෙහි රැඳි සිනා පොඳ
සඳ මඩල මෙන් කියා
නුබට රහසින් රැයක
කව් පදත් ඇමිනුනා.....
නොකියාම එක් දිනක්
නුබ හොරෙන් බැසගියා
නෙත් කැලුම් පද වැනුම්
හදෙහි ඉතිරිව තියා....
නෙත ගැටුනු දින පටන්
තවම නුබ සිත පතා
සිව් වසක් හිඳින මම
නුබ නොදත් පෙම්වතා......
0 Comments:
Post a Comment
පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...