මේ මම @ Facebook

සිරිමලී........

ඉගනීම පසෙකලා
මොණර කොල සොයන්නට
කොළඹ රට වෙත වැඩිය
ඇගේ නම සිරිමලී.......


මිල මුදල් උපයලා
මව්පියන් රකින්නට
ගෙදර බර කරට ගත්
ඇය ගෙදර දෙවඟනී......


වැව් බැම්මෙ හමුවෙලා
කැදැල්ලක් තනන්නට
දුන් බහට පෙම් කරන
ඇය ඔහුගෙ පෙම්වතී......


කොළඹ රට සැරිසරා
හොරෙන් ගම්දොර අයට
බඹරුන්ව සනසවන
ඇය කොළඹ සමනලී......

2 Comments:

  1. හරිම ලස්සනයි පුලුවන්නම් සිරිමලී කවි පන්තිය ගන්න දන්න තැනක් කියන්න

    ReplyDelete
  2. සුපිරි

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...