මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

කම්හලේදී දුටු යුවතියට.........


චන්ඩ හිරු රැස් අතර දුකිනේ
කම්හලට පා නගන අතරේ
මිතුරු කැල වට කරන් සොඳුරේ
නුඹත් ඇවිදින් සිටිය අරුමේ........

මුවපුරා නැගි සොඳුරු හසරැල
                                  හද දවාලන සොඳුරු පදවැල්
නෙතඟ රැඳි ආදරේ ගී වැල්
අතර නුඹ සිටි අරුම මනරම්........

අහම්බෙන් මෙන් නෙතඟ ගැටුනා
හද ගැස්ම මොහොතකට නිව්නා
මෙතෙක් කල් මා සෙවු සඳවත
නුඹම නොවෙදැයි මටම සිතුනා..........
සිතිවිලි ගොන්න ගැලුවත් බැමි පවුරු බිඳ
පන්හිඳ පොර බඳී දෑඟිලි අතර හිඳ
ලියු කව් වලට වාරණ එන දිනකි අද
කෙලෙසක ලියමි මා සිතිවිලි කවක බැඳ..........

අඟුරු කැටයෙන් ලියමි..........


රටට විනකල නේක උවදුරු
ලියු නිසා මා මගේ කවියක...........

නොකල වරදක් හිසේ පටවා
 සිරකලා මා අඳුරු කුටියක.............

සිතේ තෙරපෙන නේක අදහස්
සිතේ පබඳිනු යලිඳු කවියක.........

කවි ලියන්නට නොහැක මා හට
අඳුරු කුටියෙදි සුමුදු කොලයක..........

නමුදු කව් පද ගොතමි අද මම
පෑන වෙනුවට අඟුරු කැට ගෙන...........

කාලෙකට පස්සෙ........


කමා උව මැනව 
   මා ප්‍රිය සඹඳ.........

  කව් පද වැල් මිටකින්
  නුඹ දැත සරසවන්නට
   පමා වුවාට මා හට.......

  පැමිනියෙමි ප්‍රිය සඹඳ
    නැවුම් කව් පද රැගෙන
   නුඹ සැමට බෙදන්නට
         නිහඩ කලකට පසුව.........

කවියාගේ බිරිඳ කවියාට කී කව.........


බණ පොත් සදෙස් කව්
පෙරලමින් කියවමින්
රැය පුරා නිදි වරා
කිමද කරනා කාරණා.........

රැය පුරා අවදියෙන්
නුඹ කුටියෙ කව්ලුවෙන්
අඳුරු ගඟනත බලා
කිමද කරනා කාරණා.........

උදැසන නුඹ කුටිය
වෙත අව්ත් බලන කල
දසත විසිරී තිබේ
කරදහි බෝල අපමණා..........

පුරා දස වසකටත්
එහා ගිය කාලයක්
නුඹ ලියූ කව් වලින්
කිමද මට ඇති කාරණා........

නුඹ සමග එකට සිටි
නුඹ තරම් උගත් නැති
නුඹ මිතුර විඳින සැප
බලනු මැන හිමි නෙතු අයා........

අසනු මැන හිමි සඳුනි
ගිලී නොසිටම තවත් කව් වල
බඩ වියත රකිනු වස්
සොයන් කහවනු අපමණා............