චන්ඩ හිරු රැස් අතර දුකිනේ
කම්හලට පා නගන අතරේ
මිතුරු කැල වට කරන් සොඳුරේ
නුඹත් ඇවිදින් සිටිය අරුමේ........
මුවපුරා නැගි සොඳුරු හසරැල
හද දවාලන සොඳුරු පදවැල්
නෙතඟ රැඳි ආදරේ ගී වැල්
අතර නුඹ සිටි අරුම මනරම්........
අහම්බෙන් මෙන් නෙතඟ ගැටුනා
හද ගැස්ම මොහොතකට නිව්නා
මෙතෙක් කල් මා සෙවු සඳවත
නුඹම නොවෙදැයි මටම සිතුනා..........
ලස්සන අදහසක්..
ReplyDelete