මේ මම @ Facebook

  • This is Slide 1 Title

    This is slide 1 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 2 Title

    This is slide 2 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

  • This is Slide 3 Title

    This is slide 3 description. Go to Edit HTML and replace these sentences with your own words. This is a Blogger template by Lasantha - PremiumBloggerTemplates.com...

රත්න ශ්‍රි විජේසින්හ කිවිදානන්ට.....



''වන්කගිරි අරණේ'' සැරීමට 
''බිය නොවන් අයියණ්ඩී'' යැයි කියමින්
''සල්ගහ යට'' සිට
අත වැනූ කිවිඳාන....

''වස්සනේ අබර''ට පෑයූ
''ගුරු තරුව''ක්ව නුබ
''සුබ උදෑසන''ද
අබරෙන් බැස නොගිය කිවිඳාන....

''සන්ද්්‍ය තීර්තයෙ''න් සමුගෙන
අබරෙන් බැස නොයනු මැන.......

පරපෝෂිතයා....


අදුරු නුබ ගැබ සිසාරා
තරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත් 
නුබ....
තවම නොදන්නේ මන්ද
නුබත් පරපෝෂිතයෙකු වග
හිරු ‍රැසේ පිහිටෙන්
එලිය විහිදුවන......

මා සොයපු ජීවිතේ.....

මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ
නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ
අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ
නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ

නුබ ‍රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ
ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ
යලි ඒවි යැයි කියා බලා ඉමි මතු දිනේ
නුබට වෙන් වෙච්ච තැන හිස් වෙලා දැන් හිතේ

නොතේරුම් කමට මා වැරදිලා ගිය මගේ
නුබ සිටිය අතරමග අපූරුව හරි අගේ
තුරුනු ඇස් වලින් මේ ජීවිතය දු‍ටු දිනේ
හිත පිපුනි කදුලු පිරි නෙත් විලක අද දිනේ

දරාගනු දුකක් හන්ගගෙන මගෙ හිතේ
මටත් පුදුමයි දොර‍ටු විවර උනු එක එක ඉබේ
පහන් කල බිදුනු සිත අදුරු කර පෙර වගේ
                            වීසි කර දමා නුබ ගියපු හැටි හරි අගේ

මලක් වී පිපෙන්නට පෙර පරව ගිය හිතේ
සුවද විතරක් අනේ දැන් ඉතිරි වී තියේ
මගේ සිත සනසන්න නැතිද පැතුමක් නුබේ
නුබයි මම ඇස් රිදෙන තුරු සොයපු ජීවිතේ 

වෙනසකට පෙර....

පහන් සිල නිවෙන්නට පෙර
දඟලයි මෙසේ සකිසඳ
ඉවසන් තව මොහොතක්
නිවේවි පහන් සිල
අපිවත් නොසිතනා මොහොතක....

කකුලුවා උව හැලියේ සිටින
අඬු විහිදා දිය කෙලින සඳ
නොදනී හැලිය යට
බුර බුරා ගිනි ඇවිලෙනා වග....

නූතන ප්‍රේමය....


.තද ඩෙනිමට හිර කමිසෙට
අතේ රැදුනු දුරකථනෙට
හදේ උපන් යැයි පැවසෙන
පෙම පුදදෙන අපූරුව....

මොනරු නැතත් පොකැට් එකේ
ක්‍රෙඩිට් කාඩ් ඇත්නම් අත
ෂොපින් ගිහින් ගත් ඇදුමට
පෙම පුදදෙන අපූරුව....

බඹරා වගේ ඉගිලී එන
ස්කූටර් යන්තරේට
වහ වැටිලා චාටු බසට
පෙම පුදදෙන අපූරුව....

කාත් කවුරුවත් නොදන්න
හෝටලයක කාමරයක
උතුම් සිතා පිදු ප්‍රේමය
සිරකරනා අපූරුව....

මිල මුදලට චාටු බසට
කාමරයේ ඇද මත හිද
දන්ඩේ මුලු ජීවිතයට
ඉකි බදිනා අපූරුව.....