මේ මම @ Facebook

ගුරුවරයෙකු පාසලේදි සිසුවියක් දූෂණය කරයි ---පුවතක්-----

අයනු ආයනු ඉයනු ඊයනු
හෝඩි පොත පිටු ඉරා වැලපුණු
සල් ගසේ මල් පොකුරු පරවී
කදුළු බිදු දස අතේ විසිරුනු


හේන නවදැළි කිරට පීදුනු
අමර තනියට පැලට ගොඩඋනු
අසනි වැසි බිම වැටුනු දවසක
සාමා සල් මල් අතර තනිවුනු

රෙද්ද බැනියම සුදට දිලිහුනු
ගිජුලිහිනි ඇස් රතට බැබලුනු
උකුසු තුඩගින් හලා හල විශ
ගවුමෙ රැල් එකිනෙකින් පොඩිවුනු

අයනු ආයනු ඉයනු ඊයනු
හෝඩි පොත පිටු ඉරා වැලපුණු
සල් ගසේ මල් පොකුරු පරවී
කදුළු බිදු දස අතේ විසිරුනු

2 Comments:

  1. සිදුනොවියයුතු දෙයක් ගැන වුවත් සංවේදී කවි පෙළක්

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...