දහක් සෙනග ගැවසෙන තැන
දහක් නුඹ බලන්නට එන
පිය'ඹ ලැම වසාලන්නට
අමතක වීදෝ....
දහක් නුඹ බලන්නට එන
පිය'ඹ ලැම වසාලන්නට
අමතක වීදෝ....
පුරා දුරාතීතෙක හිද
පිය'ඹ වතට තුරුලු කරන්
අව් වැස්සට ඉහලන්නට
සෙවනක් නැතිවීදෝ....
පිය'ඹ වතට තුරුලු කරන්
අව් වැස්සට ඉහලන්නට
සෙවනක් නැතිවීදෝ....
සියක් වස් ගෙවී ගිය තැන
මුව'ග සිනා පොදි බැදගෙන
එදා වගෙම අදත් පෙමින්
කෙලෙස හිදිම් දෝ.....
මුව'ග සිනා පොදි බැදගෙන
එදා වගෙම අදත් පෙමින්
කෙලෙස හිදිම් දෝ.....
| ප්රදීප් ලක්ශිත| 2016.05.11
ඒ ප්රශ්නය උත්තරයක් නැති ප්රශ්නයක් නේද?
ReplyDeleteඋඹට ඒවා තේරෙනවා නේද????? අහුවෙයංකෝ.......
Deleteගලේ කෙටූ පෙම්පුවතක්...
ReplyDeleteඔව් හිසට සෙවණක් තාමත් නෑ නේද...ක්රපු පව් වෙන්නැති
ReplyDelete