අදුරු නුබ ගැබ සිසාරා
තරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත්
නුබ....
තවම නොදන්නේ මන්ද
නුබත් පරපෝෂිතයෙකු වග
හිරු රැසේ පිහිටෙන්
එලිය විහිදුවන......
Related Posts:
කිදුරු කවකුඩා වැල්ලේ තබා පා යුග
දෑත කරගැට දෙස බලා
සුදු පුතා පිට කිදුරු කුමරුන්
දියඹ වෙත පියමන් කලා...
දියඹ පීරා ගෙනා අස්වනු
වැලි තලාවක අතුරලා
කිදුරි මොහොතක් කිදුරා යන මග
බලා දෑතම එක් කලා....
වැල්ල හාරන් සිප්පි අහුලන
පුත… Read More
කොටුව දුම්රියපළ ඉදිරිපිට කාකි ඇදුමන් ඇගෙහි ලාගත්
මාර සේනා නිතර යන එන
රක්ත වර්නෙන් උස්ව මොරදී
නුවර වැසියන් නිතර රැස්වෙන
අව්ව වැස්සට තෙමී දින සති
අට්ටාල වල රැය පහන් වන
රජුන් මැතිදුන් වසා නෙත් යුග
හනික පිම්මේ ඉගිල්ලී යන
වීදි පහනක එලිය මගහැර
අමාවක තැන්… Read More
සොහොන් බිමක් කී කවක්.....
අරලිය ගස් බෝය සුදු මල් අතුරාලා
තැන තැන පස් බෝය අලුතින් ගොඩ දාලා
ගොක් කොල සුදු රෙදිය සැමතැන විසිරීලා
නිසසල බිමකි කවුරුත් එයි සැතපිලා
සුදු මල් පලස මත පර මල් වියැකුනිදෝ
අළුතින් නුබට යහනක් මැහි ඉදිවුනිදෝ
මළහිරු… Read More
සිතින් පත්තිනි නොහොත්
කන්නකී වී කෝවලන් ලග
තුරුලු වන්නට සිතා ඉන්නැති..
පතිනි දම් සුදු සාලු අස්සේ
සගවා ඉන්නට වෙර දරන්නැති..
ලොවට රහසින් අදුරු කුටියක
කෝවලන් ලග සලු ලිහන්නැති
රන් රිදී මුතු ගෑවිලා නැති
පා සලබ අමතකව එන්නැති..
පා සලබ සේ න… Read More
ගහපියව් බොල ගහපියව්
ගහපියව් බොල ගහපියව්
ඔලු පැලෙන්නට ගහපියව්
රුහිරු බිඳු දැක සිත් නිවේනම්
තවත් හය්යෙන් ගහපියව්....
විදු මව්න් නොමරා මරන විට
නෙත් කඳුලු පිරෙනව බොලව්
අමුතුවෙන් කඳුලැල් අවැසිනම්
කඳුලු ගෑසුත් ගහපියව්....
රුහිර… Read More
ලස්සන සිතිවිල්ලක්! අපූරැවට පඳ බැඳලා!! ජයෙන් ජය!! තව තව ලියන්න. නැවත එන්නම්.....
ReplyDeleteගොඩාක් ස්තූතීයි සහෝ....
Deleteහිරු සියල්ල ජීවයෙන් පුබුදුවයි.....
ReplyDeleteමම සෞම්‍ය සද මුත්.....
හිරු සැමියා නැතිනම් මා......
අගය නොමැති වස්තුවක් පමණි.....
ඔන්න මට හිතුනු දේ....
ඒකත් ඇත්ත තමා සහෝ....... ආවට ගොඩාක් ස්තූතීයි.....
Deleteඅදහස ලස්සණ යි! මීට කලින් මෙහෙම අදහසක් හිතට ඇවිත් තිබුණේ නෑ :) සැඟවුණ අරුතකුත් තියෙනවා වගේ පේනවා. මේ නම වෙනස් කරලා තියෙන්නේ "පරාග" බ්ලොග් එක ද?
ReplyDeleteස්තූතීයි ධාරා.... ඔව් නම වෙනස් කරා... මේ නම හොදයි නේද?
Deleteහොඳයි :) මම ඒත් බැලුවා මොකද්ද වුණේ කියලා. නම වගේ ම හැඳින්වීමත් ලස්සණ යි!
Deleteගොඩාක් දවස් කල්පනා කරා හොද නමක් හොයන්න... අන්තිමේදී ආලවන්ත වීදියටම පය ගහන්න උනා......
Deleteඅදුරු නුබ ගැබ සිසාරා
ReplyDeleteතරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත්
නුබ....
අපුරුයි.. දිගටම ලියන්න :)
ගොඩාක් ස්තූතීයි සහෝ....
Deleteඅපරාදේ කියන්න බෑ ඕක තේරුම් ගන්නේ නැතුව දිලිසෙන දිලිසීම තමයි පුදුම හිතෙන්නේ
ReplyDeleteඒකනම් ඇත්ත යකෝ.....
Deleteයකෝ කිව්වට තරහ වෙන්න එපා සහෝ.....
Delete