මේ මම @ Facebook

අවජාතක පුත්‍රයෙකුගේ පැනයක්.....

මව් තුරුලේ ගුලි වෙමින්
උනුසුමේ සැගවෙමින්
හීන් සිරුවේ කිරි උරා බොන
බලල් පැටව්නේ මේ අසාපන්.....

දන්නවාද පැටව්නේ නුබ
පියාගේ වගතුග
ඇසුවේද කවුරු හෝ කෙදිනක
පියෙකුගේ වගතුවක්....

දනිමි මා කෙදින හෝ ලොකයා
පියෙකු ගැන නොවිමසනා බව
නුබටද පැනයක් නොවන වග
නුබ පියාගේ වගතුවක්.....

නමුදු මා හද ගැහෙයි නිතැතින්
සිතේ තෙරපෙයි විසල් පැනයක්
කිමද මේ ලොව මගෙන් පමනක්
විමසුවේ පියෙකුගේ වගතුවක්.....

7 Comments:

  1. ඇඩෙන කවි සෙට් එකක්...හරිම හැගීම්බරයි

    ReplyDelete
    Replies
    1. සමාජයේ අද දකින යතාර්තය මේක තමා සහෝ..... ස්තූතියි ආවට......

      Delete
    2. ඇත්ත මල් මල්. සමාජෙට නේ මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ.

      Delete
  2. ඇත්තටම ඒ පුද්ගලයාටත් වඩා සමාජය ඒ ගැන හාරා අවුස්සනවා කියලා වේලාවකට හිතෙනවා

    ReplyDelete
  3. දෙමවුපියන්ගෙ වැරදි වලට වන්දි ගෙවන්න වෙන්නෙ අහිංසක දරුවන්ට

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අනූ..... අද සමාජයේ ඒ වගේ අහින්සක දරුවෝ කියක් නම් මහ පාරට වැටිල ඉන්නවද........

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...