Thursday, October 29, 2015

ගහපියව් බොල ගහපියව්



ගහපියව් බොල ගහපියව්
ඔලු පැලෙන්නට ගහපියව්
රුහිරු බිඳු දැක සිත් නිවේනම්
තවත් හය්යෙන් ගහපියව්....

විදු මව්න් නොමරා මරන විට 
නෙත් කඳුලු පිරෙනව බොලව්
අමුතුවෙන් කඳුලැල් අවැසිනම්
කඳුලු ගෑසුත් ගහපියව්....

රුහිරු මදිනම් කඳුලු මදිනම්
උවමනා මොනවද කියව්
අපේ ජීවිත අවැසිනම් තව
පපුවටම උන්ඩය තියව්....

දහස් ගනනින් ඔලු පැලූවත්
එක එකා තොපි මරා දැමුවත්
සිප් සතර දෙන මව් රකින්නට 
හෙටත් අපි එනවා බොලව්....

                                                  -----හිතුවක්කාරයා----

Wednesday, October 7, 2015

Walking path



කෑ දේ දිරවන්න
බඩ තඩි පිරිමි
බඩ තඩි ගැහැනු
ඇවිදිති සැතපුම් ගනන් දුර.....

පාන් පෙත්තක් සොයා
ඔවුන් පසුපස යදිමින්
තවත් සමහරක් අය
ඇවිදිති සැතපුම් ගනන් දුර.....

ජීවිතය නම් වූ
Walking path එක තුල.....


                                  ----හිතුවක්කාරයා----

Wednesday, September 30, 2015

මෙසේ පාපොච්චාරනය කරන වගනම්....


තරාදිය එක් අතින් එල්ලා
දෑස් රෙදි කඩින් බැඳ
යුක්තියේ යුවතිය අසල හිඳි
නඩුකාර තැන අසනු මැන

වයස දාහතක් පිරුනත්
තවම පාසල් ගමන නෑ නිම
ඉඳ හිටක හෝ සුවාමිනි මම
පාසලට පිය නැගුව සත්තයි....

අපේ වයසේ උන්නු සමහරු
අඳුරු මුලු වල රති කෙලින විට
හැඟුම් ඇහැරී මමත් ඉඳහිට
අසැබි දසුනුත් බැලුව සත්තයි....

යහලුවන් පන්තියෙ එකට සිටි
තනිය මකනට පෙම් කෙලින සඳ
මගේ තනි නොතනියට ඉඳහිට
කන්සා කූරක් ගැසුව සත්තයි....

එහා ගෙදර උන් පුන්චි නැගනිය
මා සමග හුරතලෙන් සිටි විට
මගේ නැගනිය ලෙසින් මට
හැඟුනු බවනම් කියමි සත්තයි...

අසනු මැන නඩුකාර හිමියනි
අසැබි බැලුවත් කන්සා ගැසුවත්
පුන්චි නැගනිය දිහා කිසි දින
වැර'දැසින් නොබැලුවෙමි සත්තයි....

සැමට යුක්තිය පසඳලන
සුපින්වත් නඩුකාර තැන
මට කියන්නට ඇත්තෙ මෙපමනි
මටත් යුක්තිය පසිඳලනු මැන.....

නිමිත්ත :-
සේයා දැරියගේ ඝාතනයට සැක පිට 17 හැවිරිදි පාසල් සිසුවෙකු රක්ශිත බන්ධනාගාර ගත කරයි

                                                                                               ----හිතුවක්කාරයා----

Wednesday, September 23, 2015

නුඹට....



පුරන් වූ කෙත් බිම 
නිලට අස්වද්දන්නට......

අඳුරු වූ නුබ ගැබ
සඳ කැනින් නහවන්නට......

රුදුරු සහරා කතරට
අසනි වැසි වස්සන්නට.......

ඉරි තැලුනු මහද ගැබ
ආදරෙන් සනහන්නට.......

නුඹ පැමිනි වගනම්
සොඳුරියෙ
නුඹ පැමිනි වගනම්.......

                                                ------හිතුවක්කාරයා-----

Sunday, June 28, 2015

සරසවි බිම ඉදිරිපස ඇති අට්ටාලය දෙසට මුහුන ලා ඇති ගසට.....



අතු පතර විහිදාන
ඇසිපිය පවා නොසලාන
කෙදින හො ජය ටැඹක් දකිමැයි
අට්ටාලෙ  දෙස බලන වගනම්....

මසකට වරක් නොවරදව
දෙනෙත් කදුලින් බරව
සෙවන දේ හිස පසෙක හරවන්
අවි අමෝරන කුලී රැලකට...

ඉද හිටක බැටන් පොලු
තව විටක කඳුළු බිඳු
ඉවසාන නෙත් බරව සිටී නුඹ
දිනන තුරු සිරකල අකුරු.....

                                                                                                       ----හිතුවක්කාරයා----

Monday, May 11, 2015

නෙලුම් මලක් නටුවට කී කතාවක්.....


මෙ කවිය චමින්ද ප්‍රදීප් සිල්වා සහොදරයාගේ "නටු නොකී කවි" කවියට ලියපු පිලිතුරු කවියකි...

වැව් තලෙන් හිස දමා එලියට
හිරුට හිනහුනු එ අතීතෙක
මඩේ හිද මා දියෙන් උස්සන් 
නුබයි මා දැඩි කලේ මොහොතක...


හිරුත් අහසට නැගෙන්නට පෙර 
දනන් ඇවිදින් නෙලන දවසක 
මා තැලේ යැයි බියෙන් ඇලලී
නුබයි ගත දිගු කලේ හනිකට.....


බුදු පුදට මා ගතින් වෙන්කර 
පුදසුනේ මා තැබූ දිනයක 
දැනුනු තනිකම මෙපමණක් යැයි 
නුබට පවසම් කෙලෙස සකිසද....


නුබ නොමැති සොව නිසාදෝ මා
පෙති හැකිල මිලිනවී සවසක
පුදසුනෙන් ගොස් නැවතුමක් විය 
අදුරු මුල්ලක කසල බදුනක....


දහක් කුනු මැද කසළ බදුනේ
සොවින් බරවී සිටියෙ නුබමැයි
තැලී මල්පෙති මියෙන මොහොතක 
ගතින් සයනක් සැදුවෙ නුබමැයි....


                                                                   ----හිතුවක්කාරයා-----

Wednesday, March 18, 2015

පෙති තැලුනු මල් කැකුල....


නිමිත්ත:-
පියෙකු හා ඔහුගේ මිතුරන් පිරිසක් මත්පැන් පානය කර, සිය දියනිය දූශනය  කරයි..

සඳ මඩල සැගව ගිය
අදුර පිරි මහ රැයක
බබර රැනක් හෙමින් ළන් උනා
මදුවිතේ මදු සුවඳ පැතිරුනා

විදුලි මිනි නිවී ගොස්
අඳුර රජයන පැයට
බකමූනු හඬ දසත පැතිරුනා
පාළු සොහොනක හැගුම් මතු උනා

රැය පහන් කරනු රිසි
මතින් ලොල් බබර කැල
සගයෙකුගෙ නිවස්නට ලන් උනා
මල් කැකුල වෙත නෙතඟ යා උනා

දුරු රටක ගිය මව්ගෙ
උනුහුමේ සිත රඳන්
මල් කැකුල කොට්ටයට ගුලි උනා
මව් රැජින හිනයෙන් හිනහුනා

මතින් මත් බබර කැළ
හලා විශ සිය තුඩඟ
රාගින්න මල් පෙතට මුහු කලා
මල් කැකුල පෙති හොරෙන් හැකිලුවා

මතින් සිත සනසාන
ගැබුරු සිහිනෙක කිමිද
පිය රජුන් සයනයේ සැතපුනා
මල් කැකුල පෙති හලන් හැකිලුනා

Wednesday, February 18, 2015

මිනී කපන නිමලදාස...

නිමිත්ත:-
නිමලදාසගේ 56 හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ශනයට සුපුරුදු පරිදි නිමලදාස දොස්තර හා මෝචරියට ඇතුලු විය.

එකදහස් නවසිය හැට එකේ ඉපදුන
වයස අවුරුදු හැටක් ගතවුන
ඉස්පිරිතාලේ මිනී කපන නිමලදාස
වෙදදුරු සමඟ විත් මිනී කාමරයට
බලා මියගිය සිය පිය'ඹ දෙස....

''අනේ නිමලේ ඇයිද අද මේ
පිහියකුත් අත තියන් ආවේ
හතලිහක් වස් නුඹ සමඟ ආ
මන් කපන්නද ආවෙ නිමලේ...

මන් කාර බැඳ ආව දවසේ
සේද සළු නුඹ ලිහූ සයනේ
අදත් මා සළු ලිහන මොහොතේ
මතක් වෙනවද මගේ නිමලේ....

දූ පුතුන් දුරු රටක නිමලේ
උන් හොඳින් ඇති නේද නිමලේ
එක් වරක් උන් රුව දකින්නට
මගේ ඇස් ඇරෙනවද නිමලේ.....

ලෙඩ ඇඳට මා සිරවු මොහොතේ
දරුවනුත් ළඟ නෑනෙ නිමලේ
ඇඳ ලඟට වී ඔලුව අතගා
නිඹයි හිත සැනසුවේ නිමලේ....

සුවහසක් ළය පැලූ දෑතින්
කඳුළු පිරවූ මහලු දෙනෙතින් 
මා ළයත් නුඹ පලා සැතකින්
ආදරේ සෙව්වාද නිමලේ...
ආදරේ දුටුවාද නිමලේ....

කව්ද නිමලෙට කන්න දෙන්නේ
නිමලෙ ළඟ තනි නොතනියට ඉන්නේ
මාත් එක්කම යන්න එන්නට
නුඹට ඇහැකිද මගේ නිමලේ...''

                                                                                                                               ----හිතුවක්කාරයා----

Sunday, February 8, 2015

නූතන මනමේ කතා වස්තුව......


උනා මිරිවැඩි සඟල අගුපිල
රළු පොළොව මත පය ගැසූ
මනමෙ කුමරුන් නුඹම වේමැයි
මගේ අතිනත ගෙන විසූ.....

කුසට අහරක් හිසට වහලක්
නොමැති මුත් හරිහැටි සැදූ
රළු හිතින් පෙම මුදා විදහල
නුඹයි කුමරුනි මගෙ සඳූ....

උනා වැරහැලි සයනයක හිඳ
වැදි රජුන් ළඟ දණ නැමූ
මනමෙ කුමරිය මමයි හිමියනි
කඳුළු සඟවන් හිනහුනු.....

එදා කුමරුනි නුඹට කොපුවත්
වැදි රජුට කඩුවත් පිදූ
දුශ්ඨ කුමරිය නොවෙම් අද මා
නුඹට පමණක් හිත පිදූ....

කාසි පොදි ළඟ නුඹට රහසින්
දණ නැමූ පව සිහිවුනී
කොපුව සඟවන් කඩුව දෙමි මා
හිස සිඳින්නට කුමරුනී....