Monday, May 21, 2012

කම්හලේදී දුටු යුවතියට.........


චන්ඩ හිරු රැස් අතර දුකිනේ
කම්හලට පා නගන අතරේ
මිතුරු කැල වට කරන් සොඳුරේ
නුඹත් ඇවිදින් සිටිය අරුමේ........

මුවපුරා නැගි සොඳුරු හසරැල
                                  හද දවාලන සොඳුරු පදවැල්
නෙතඟ රැඳි ආදරේ ගී වැල්
අතර නුඹ සිටි අරුම මනරම්........

අහම්බෙන් මෙන් නෙතඟ ගැටුනා
හද ගැස්ම මොහොතකට නිව්නා
මෙතෙක් කල් මා සෙවු සඳවත
නුඹම නොවෙදැයි මටම සිතුනා..........

Saturday, April 28, 2012

සිතිවිලි ගොන්න ගැලුවත් බැමි පවුරු බිඳ
පන්හිඳ පොර බඳී දෑඟිලි අතර හිඳ
ලියු කව් වලට වාරණ එන දිනකි අද
කෙලෙසක ලියමි මා සිතිවිලි කවක බැඳ..........

Monday, April 23, 2012

අඟුරු කැටයෙන් ලියමි..........


රටට විනකල නේක උවදුරු
ලියු නිසා මා මගේ කවියක...........

නොකල වරදක් හිසේ පටවා
 සිරකලා මා අඳුරු කුටියක.............

සිතේ තෙරපෙන නේක අදහස්
සිතේ පබඳිනු යලිඳු කවියක.........

කවි ලියන්නට නොහැක මා හට
අඳුරු කුටියෙදි සුමුදු කොලයක..........

නමුදු කව් පද ගොතමි අද මම
පෑන වෙනුවට අඟුරු කැට ගෙන...........

Thursday, April 19, 2012

කාලෙකට පස්සෙ........


කමා උව මැනව 
   මා ප්‍රිය සඹඳ.........

  කව් පද වැල් මිටකින්
  නුඹ දැත සරසවන්නට
   පමා වුවාට මා හට.......

  පැමිනියෙමි ප්‍රිය සඹඳ
    නැවුම් කව් පද රැගෙන
   නුඹ සැමට බෙදන්නට
         නිහඩ කලකට පසුව.........

Wednesday, April 4, 2012

කවියාගේ බිරිඳ කවියාට කී කව.........


බණ පොත් සදෙස් කව්
පෙරලමින් කියවමින්
රැය පුරා නිදි වරා
කිමද කරනා කාරණා.........

රැය පුරා අවදියෙන්
නුඹ කුටියෙ කව්ලුවෙන්
අඳුරු ගඟනත බලා
කිමද කරනා කාරණා.........

උදැසන නුඹ කුටිය
වෙත අව්ත් බලන කල
දසත විසිරී තිබේ
කරදහි බෝල අපමණා..........

පුරා දස වසකටත්
එහා ගිය කාලයක්
නුඹ ලියූ කව් වලින්
කිමද මට ඇති කාරණා........

නුඹ සමග එකට සිටි
නුඹ තරම් උගත් නැති
නුඹ මිතුර විඳින සැප
බලනු මැන හිමි නෙතු අයා........

අසනු මැන හිමි සඳුනි
ගිලී නොසිටම තවත් කව් වල
බඩ වියත රකිනු වස්
සොයන් කහවනු අපමණා............

Saturday, March 24, 2012

දෙබිඩි......


සඳට පෙම් බඳිමි 
සඳ දෙසම බලමි
නේක කව් පද
       සඳ වෙතට ලියමි......

අමාවක පැමිනුනි
සඳමඩල සැඟවුනි
සඳට පෙම් බැඳි
      මා අඳුරෙ තනිවුනි......

නොදැනීම මා සිත 
  පෙම් බඳින්නට විය අඳුරට
සඳට කව් ලියු පන්හිඳ
       ගොතයි කව් පද රහසෙම......

Thursday, March 22, 2012

අම්මා......


හිරු නිදන් සිටින'තර පාන්දර              ඇහැරිලා
පොඩි උන්ට උයන්නට ලිප ගිනිද      මොලවලා
හාල් හුන්ඩුව උයන් සම්බලය               අබරලා
කහට උගුරක් කුසට දමා ඈ               පිටවෙලා

හිරු රැස් මැදින් සොයමින් ජීවන           කඳුලේ
මිටියක් අතට ගෙන කඩමින් ගල්         මෝලේ
කහට උගුර බීසිනි බිඳ ලා                     අල්ලේ
කහටට ලැබුනු විස්කෝතුව පන්           මල්ලේ

දවස තිස්සේ කබුරා
දෑත කරගැට අතුරා
නැගුන දා බිඳු පිසදා
කඳුලු කලයක් පුරවා

මෝලෙන් ලැබුනු සොච්චම කඩයට      දෙනවා
හාල් පොල් මිරිස් ගෙන පැස             පුරවනවා
දා බිඳු කඳුලු හන්ගා ඈ                   හිනහෙනවා
සඳවත සමග සවසට ඈ ගෙට                 එනවා

පියතුමා ගිය දිනේ සිට බර                  අදින්නියා
මෝලේ වැඩට ගොස් කඳුලැලි       සොයන්නියා
සොඬ දිගුකොට නෙලා පල වැල ගෙනෙන්නියා
අම්ම මගේ දිවි ගමනේ                     ඇතින්නියා

Tuesday, March 20, 2012

නන්ගිගේ මලගම දා........


නුබට කලින් අපෙ අම්මා
අප හැරදා ගිය හින්දා
අම්මා නෑ නුබෙ දෙන ලඟ
හඬා වැටෙන්නට නන්ගියෙ........

කට ගොන්නක් බීගෙන විත්
අප්පච්චි අබ ගහ යට
පෙරලි පෙරලි හතර අතට
නන් දොඩවනවා මතේට.........

කාලයකින් මුන ගැහිච්ච
යාලුවො හා පිලිසඳරක
කැකිරි සිනා හඬ තල තල
ලොකු අක්කා උදේ ඉඳන්.......

සිගරට් කොට පුච්ච පුච්ච
යාලුවො එක්කල එක්වී
බූරු ගහනවා ඉඳගෙන
ලොකු අය්යා පිලිකන්නෙ........

වෙස්සන්තර ජාතක පොත
අහලකවත් නෑ රැඳිලා
ඉහ ඉද්දර තෙල් මදිවුන
පහන් සිලුව ඉකි බිඳිනව.......

නුබ මල බව එ අයගේ
දෙනෙත් අතර නොරැඳුනාට
නුබෙ දෙන ලඟ මම ඉන්නව
හැමදාමත් තනි රකින්න.........

Sunday, March 18, 2012

ලාබයි ආදරේ.......

සත 10ට සත 20ට
 එස් එම් එස් පනිවිඩයක
උතුම් පිවිතුරු අදරය
ඉගිල යන අපූරුව......
බලව සකිය
සත 10න් සත 20න් 
      පිලිතුරු එන අපූරුව........

Friday, March 16, 2012

විභාගය.......



..............
.............
O/L
A/L
CAMPAS
...................
.....................

විභාගය පාස් වෙයන්
අම්ම මගෙ ඇඟට පැන්න.........

විභාගය පාස් වෙයන්
තාත්තා මගෙ ඇඟට පැන්න......

විභාගය පාස් වෙයන්
අයිය මගෙ ඇඟට පැන්න....... 

විභාගය පාස් වෙයන්
ඉතින් මම ලිඳට පැන්න......

Wednesday, March 14, 2012

ඇත්ගොව්වා කී කව.......


ගත සවිය නොම දැන
මෝඩ මේ ඇත් රජ 

දුබල මා අත දැවටි
හෙන්ඩුවට බිය ගෙන

සෙමින් පා තබමින
මට අවැසි විලසට


කීකරුව නිහඩව
ඇවිද යන අපූරුව.........



Monday, March 12, 2012

අවසරයි සොයුරනෙ.......


අතු අගින් මිලින වී
වැටුනු රතු මල් පොකුරු
නැති අඩුව පුරවන්න
පිපේ තව රතු කැකුලු........

වෙන්ව ගිය මුදු සොයුර
මුලු ලොවම කර අඳුරු
නැගේ තවමත් සබඳ
පෙර'බරින් තවම හිරු........ 

නුබ නොමැති දින වැටුනි
නෙතු අගින් උනු කඳුලු
අවසරයි සොයුරනෙ
සිප ගන්න නුබෙ රුහිරු........


Thursday, March 8, 2012

වෙනස


වියො වුහ තම බිරිද
සදා සිහිවනු පිනිස
සා ජහාන් රජු තනුවලු
තම බිරිද නාමයෙන්
විසල් ටජ් මහලක්........

වෙලේ ගෙදර පෙලේ
විසු අසරන සිරිපාල
වියො වු තම බිරිද
සදා සිහිවනු පිනිස
තෙනුවාලු සොහොන් කොතක්..........