Sunday, December 29, 2013

වැස්ස.....



ඉල්ලූ පමනින්
හතර අත යදිමින්
දුන්නේ කිම මෙසේ
ඉවක් බවක් නොමැතිව
දරා ගනු බැරි පමණ......

                                    -----හිතුවක්කාරයා----

Wednesday, December 25, 2013

පාට හතට.....



රුදුරු මුරුසන් වැස්ස නිමවා
පායනා දේදුන්න සුන්දර
සිනාසෙන්නේ කිමද මෙතරම්
දුරට වී හිඳ පාට තවරන්....

නුබේ ආඩම්බර සිනාවෙන්
කියන්නේ යලි අසුරු සැනකින්
මුරුගසන් වැසි වැටෙන බවනම්
කෙලෙස අප පෙම් කරන් සිතකින්.....

ඔලොකුවට සිනාසෙන
ආඩම්බර පාට හතට.....

                                          -----හිතුවක්කාරයා----

Tuesday, December 17, 2013

විලාපය.....

කෑලි කපන කලුවර පිරි අමාවකේ
බස්සෙකු හඩන හඩ ඇසුනයි නිරන්තරේ
මූසල බවින් පිරි ගගබඩ වනන්තරේ
දෙවනත් කරන හඩකිනි මා තිගැස්සුනේ

නොසිතූ ලෙසක බියකින් මා හද සැලුනා
සවනත වැකුන හඩ දෙසවන ‍රැව් නැගුනා
නෙත් දෙක පියෙන විට යලි හද තිගැසුනා
නින්දත් නොනින්දත් අතරින් ‍රැය ගෙවුනා

ලා හිරු කිරන විහිදා හිරු නැග තිබුනේ
ඇතිවූ බියෙන් එනමුදු නැත සිත මිදුනේ
විපරම් කලෙමි කොහි සිටදෝ හඩ ඇසුනේ
ගග'බඩ දෙසට මිනිසුන් දිව යනු පෙනුනේ

ඇගලා ගතිමි අසුවුන රෙදි කැබැල්ලකින්
හනිකට දිව ගියෙමි හිස් දෙපා මතින්
‍රැස් කන දනන් මැද රින්ගා බැලූ සැනින්
දු‍ටු දසුනින්ම හදවත යලි වැ‍ටුනි කඩන්

සුන්දර තරුනියකි ඇය දු‍ටු දන මන බදින
සැමගේ අදර සැලකිලි මැද දිවි ගෙවන
හමුවන සැමට තෙපලයි සුන්දර වදන
ඇගෙ පෙම පතා පැමිනෙයි බබරුන් තරුණ

ඇය දැන් සිටි මිහිකත මත මුහුන හොවා
කඳ එක ඇනක හිස ඇත තව තැනක තබා
රත් පැහැ රුහිරු දහරා යයි තවම ගලා
රෙදි පිලි ඇගේ වත මත වත් නොමැත තබා

පෙර දින ඇයව වත්තන් කර පැමිනි සැනින්
කෙලෙසා ඇගේ මුලු දිවියම අඳුරු කරන්
පණ නළ සිඳුන ඈ ගග'බඩ ඇතත් නිතින්
එනමුදු ගඟ ගලයි කිසිවක් නොවුනු ලෙසින්

                                                  -----හිතුවක්කාරයා----

Monday, December 16, 2013

අවජාතක පුත්‍රයෙකුගේ පැනයක්.....

මව් තුරුලේ ගුලි වෙමින්
උනුසුමේ සැගවෙමින්
හීන් සිරුවේ කිරි උරා බොන
බලල් පැටව්නේ මේ අසාපන්.....

දන්නවාද පැටව්නේ නුබ
පියාගේ වගතුග
ඇසුවේද කවුරු හෝ කෙදිනක
පියෙකුගේ වගතුවක්....

දනිමි මා කෙදින හෝ ලොකයා
පියෙකු ගැන නොවිමසනා බව
නුබටද පැනයක් නොවන වග
නුබ පියාගේ වගතුවක්.....

නමුදු මා හද ගැහෙයි නිතැතින්
සිතේ තෙරපෙයි විසල් පැනයක්
කිමද මේ ලොව මගෙන් පමනක්
විමසුවේ පියෙකුගේ වගතුවක්.....

Friday, December 6, 2013

රත්න ශ්‍රි විජේසින්හ කිවිදානන්ට.....



''වන්කගිරි අරණේ'' සැරීමට 
''බිය නොවන් අයියණ්ඩී'' යැයි කියමින්
''සල්ගහ යට'' සිට
අත වැනූ කිවිඳාන....

''වස්සනේ අබර''ට පෑයූ
''ගුරු තරුව''ක්ව නුබ
''සුබ උදෑසන''ද
අබරෙන් බැස නොගිය කිවිඳාන....

''සන්ද්්‍ය තීර්තයෙ''න් සමුගෙන
අබරෙන් බැස නොයනු මැන.......

Thursday, December 5, 2013

පරපෝෂිතයා....


අදුරු නුබ ගැබ සිසාරා
තරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත් 
නුබ....
තවම නොදන්නේ මන්ද
නුබත් පරපෝෂිතයෙකු වග
හිරු ‍රැසේ පිහිටෙන්
එලිය විහිදුවන......

Wednesday, December 4, 2013

මා සොයපු ජීවිතේ.....

මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ
නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ
අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ
නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ

නුබ ‍රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ
ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ
යලි ඒවි යැයි කියා බලා ඉමි මතු දිනේ
නුබට වෙන් වෙච්ච තැන හිස් වෙලා දැන් හිතේ

නොතේරුම් කමට මා වැරදිලා ගිය මගේ
නුබ සිටිය අතරමග අපූරුව හරි අගේ
තුරුනු ඇස් වලින් මේ ජීවිතය දු‍ටු දිනේ
හිත පිපුනි කදුලු පිරි නෙත් විලක අද දිනේ

දරාගනු දුකක් හන්ගගෙන මගෙ හිතේ
මටත් පුදුමයි දොර‍ටු විවර උනු එක එක ඉබේ
පහන් කල බිදුනු සිත අදුරු කර පෙර වගේ
                            වීසි කර දමා නුබ ගියපු හැටි හරි අගේ

මලක් වී පිපෙන්නට පෙර පරව ගිය හිතේ
සුවද විතරක් අනේ දැන් ඉතිරි වී තියේ
මගේ සිත සනසන්න නැතිද පැතුමක් නුබේ
නුබයි මම ඇස් රිදෙන තුරු සොයපු ජීවිතේ 

Tuesday, December 3, 2013

වෙනසකට පෙර....

පහන් සිල නිවෙන්නට පෙර
දඟලයි මෙසේ සකිසඳ
ඉවසන් තව මොහොතක්
නිවේවි පහන් සිල
අපිවත් නොසිතනා මොහොතක....

කකුලුවා උව හැලියේ සිටින
අඬු විහිදා දිය කෙලින සඳ
නොදනී හැලිය යට
බුර බුරා ගිනි ඇවිලෙනා වග....

Friday, November 29, 2013

නූතන ප්‍රේමය....


.තද ඩෙනිමට හිර කමිසෙට
අතේ රැදුනු දුරකථනෙට
හදේ උපන් යැයි පැවසෙන
පෙම පුදදෙන අපූරුව....

මොනරු නැතත් පොකැට් එකේ
ක්‍රෙඩිට් කාඩ් ඇත්නම් අත
ෂොපින් ගිහින් ගත් ඇදුමට
පෙම පුදදෙන අපූරුව....

බඹරා වගේ ඉගිලී එන
ස්කූටර් යන්තරේට
වහ වැටිලා චාටු බසට
පෙම පුදදෙන අපූරුව....

කාත් කවුරුවත් නොදන්න
හෝටලයක කාමරයක
උතුම් සිතා පිදු ප්‍රේමය
සිරකරනා අපූරුව....

මිල මුදලට චාටු බසට
කාමරයේ ඇද මත හිද
දන්ඩේ මුලු ජීවිතයට
ඉකි බදිනා අපූරුව.....

Wednesday, November 27, 2013

ප්‍රේමයේ සිහිවටන....

වැඩපලට යනෙන'තර
පසුපසින් විත් නිතර
සදක් වාගෙයි මුහුණ
කියු නුඹ අද කොහිද.....?

ODEL, NOLIMIT වල 
කැටුව ගොස් මා නිතර
දෝත පුරා තැගි දුන්
සොදුර නුඹ අද කොහිද.....?

මගේ පණ දෙවනි කොට
ආදරය කල පවට
දස මසක් ඇවැමෙන්
නුඹ වැනිම සදක් දුන්
සොදුර නුඹ අද කොහිද.....?

Friday, October 11, 2013

දුෂ්කර ක්‍රියා.....

මේසයේ වට තබන්
බෝ උස පොත් කදු
රැය පුරා නිදි වරා
වන පොත් කරනා'යුරු....

නිදි දෙවිදු හිනැහුනත්
නොබලමින් එදෙස නිති
දෙපා වතුරෙන් තෙත් කරන්
සරසවිය සිහිනෙන් දකිනා'යුරු....

ඈත කොලනියට වී
පුතු රජෙකු කරන්නට
කට්ට අව්වේ කර වෙමින්
පිය රජු වෙහෙසෙනා'යුරු....

සරසවිය වෙත පිය නගා
සිව් වසක් නිදි වරා
උපාධිය හිස තබන්
සමාජයට පා තබනා'යුරු....

උපාධිය අත ඇතත්
මිල මුදල් නැති කමින්
රස්සා හොයන්නට
බලව අපි දුක් විදිනා'යුරු....

Tuesday, October 8, 2013

අළුත් පෙම්වතියට....

පෑ දිය තලයක් වන් අහස් ගැබ
වසා පැමිනි කලු වලා කෝඩ
පිනි බිදෙන් පිනි බිද බිමට හෙලා
මහ වරුසාවක්ව වට අපූරුව......


දසත සිසාරා පැතිරුන

එලිය වසමින් පැමිනි කලුවර
අහස් ගැබ තුල හිද සිනාසී
සද දියෙන් සනහාලන අපූරුව......


සොදුරු වූ ම'සිත් ගැබ

අදුරු කර ඈ පලා ගිය සද
කොහේදෝ සිට නුබ ඇවිත් අඹරට
ම'සිත් ගැබ එකළු කළ අරුම......

Wednesday, June 19, 2013

හැරගිය නුබට.....












රැ අහස සරසවන

සුපුන් සද නුබ ගන්න
සදවතට තනි රකින
තරු කැකුලු මට දෙන්න.....


මද නලට ගසා යන

මල් සුවද මට දෙන්න
සොදුරු යැයි ලොව දකින
මල් පොකුර නුබ ගන්න....

කෙල පිඩක් මෙන් එදා
මහ මගට දමා ගිය
ආදරය මට දෙන්න
සොදුරු වූ ජීවිතය නුබ ගන්න.....

Monday, June 10, 2013

?????????

හයේ කනිසමට හෝරා පුවරුව         සැදුනා
තෙවැනි සීනුවේ හඩ රග මඩලට       ඇසුනා
තිරය ඇරී රස හද අදුරට                    වැදුනා
කම් සැප සොයා පෙම්වත් සැම මුලු  ගැසුනා

රග මඩලේ වෙන්නේ මොනවා       නොදනී
අදුරේ තිසර ලැම වෙත අත දිගු            කරතී
රග මඩලේ සිරි බැලුමට පැමිනි             සකී
නෙත් අඩවන්ව කිම මුලු ගැන්විලා      තෙපී

Monday, May 27, 2013

මිදි = ආදරය


එදා නරියා...........

කරනට දෙයක් නොමැතිව
අයාලේ ඇවිදින
මිදි දුටුව නරියෙකු
කෙල පෙරා ආ අපූරුව.....


බෝ සේ වෙහෙසව
මිදි කඩනු නොහැකිව
තිත්ත මිදි යැයි බනිමින
නික්ම ගිය අපූරුව....

අද නුබ.........


මා දුටුව දින සිට
සොදුරුයි හැඩයි කියමින
ආදරය යදිමින 
පසුපසම ආ අපූරුව

බෝ සේ වෙහෙසව
අදරය නොලද සද
මා හටම බනිමින
නික්ම ගිය අපූරුව.....


Tuesday, May 21, 2013

කෝ කොහිද විරහවක්.....


පන්හිදේ තුඩ'ගින් ගලන
ප්‍රේමයේ සොදුරු වදන් පෙළ
කැටිව නිති පඹැදේ
නෙක සොදුරු පෙම් කව්.....

ප්‍රේමයේසොදුරු බව
පබැදුනත් නිති කව් තුල
කෝ කොහිද විරහ ගීයක්
ඒකාකාරී නොවෙද ජීවිතය.....


අවැසි මුත් පබදින්න
විරහ ගීයක පදවැල
කෙලෙස පද බදින්නද
ඇය මා අතැර නොගිය කල.....




Friday, May 17, 2013

සුනක සලකුණ


ලොවට නව මං තැනූ
අසිරිමත් මනු රුව දැක
ඉබාගාතේ ඇවිදින
සුනකයෙකු තුටුවිය
වසුරු අතුරා ඒ මත......


ලොව මවිත කරවන
විලස ලොව දුටු දන
වීරයන් වී ඇත
දුගී දුප්පත් ජන හද
තබා නොමැකෙන සටහන......


හැකි ලෙස කුමක් හෝ කර
රැදෙනට දුගී ජන හද
නැතිද නිදහස කෙලෙස
මේ සා විසල් ලොව තුල 
සුනක පෝතකයෙකුට......


සුනකයා තුටුවිය
කරණට  දෙයක් නොමැතිව
තම වසුරු පිඩකින්
හැකිලෙස තබා සලකුන......





Tuesday, January 29, 2013

සිරිමලී........

ඉගනීම පසෙකලා
මොණර කොල සොයන්නට
කොළඹ රට වෙත වැඩිය
ඇගේ නම සිරිමලී.......


මිල මුදල් උපයලා
මව්පියන් රකින්නට
ගෙදර බර කරට ගත්
ඇය ගෙදර දෙවඟනී......


වැව් බැම්මෙ හමුවෙලා
කැදැල්ලක් තනන්නට
දුන් බහට පෙම් කරන
ඇය ඔහුගෙ පෙම්වතී......


කොළඹ රට සැරිසරා
හොරෙන් ගම්දොර අයට
බඹරුන්ව සනසවන
ඇය කොළඹ සමනලී......

Wednesday, January 23, 2013

තවත් මලකි පරවුනේ....

නිමිත්ත:- රිසනා නෆික් එල්ලා මරා දැමේ..
                                                     (පුවතක්)

කටේ කිරි සුවඳ යන්නට පෙර දිනේ
වහලියක ලෙස නැවට පැටවුනේ
සුවඳ මල් පෙති පොඩි වුනේ
නුඹෙ සුවඳ කෝ... කොහිද සැඟවුනේ......


දුක් කඳුලු සෝ සුසුම් විඳ දිනක අවසනේ
වහලියක් ලෙස රටෙන් පිටවන්න සිදුවුනේ
සොඳුරු හදවතට බැරි බරකි පැටවුනේ
කෙලෙස ඉවසම්ද මේ බර සුවාමිනේ.....


 නොකල වරදක් ඇගේ හිස මතට පැටවුනී
සත් වසක් සිපිරි ගෙයි කඳුලු බත රසවුනී
අලුගෝසු සඹඳ කිම... නුඹේ හද ගල්වුනී
සොඳුරු සියුමැලි මලක් හිරුට පෙර පරවුනී....

Sunday, January 13, 2013

විවෘතය

රුදුරු මුරුසන්
වරුසා දහසක් මැද....
ලොවම කැළඹූ
චන්ඩ මාරුත මැද....
සිතම ගිගිරෑ
අකුණු සර මැද....
පමාවී ආ
වසන්තය නුඹ....