Sunday, December 29, 2013

වැස්ස.....



ඉල්ලූ පමනින්
හතර අත යදිමින්
දුන්නේ කිම මෙසේ
ඉවක් බවක් නොමැතිව
දරා ගනු බැරි පමණ......

                                    -----හිතුවක්කාරයා----

Wednesday, December 25, 2013

පාට හතට.....



රුදුරු මුරුසන් වැස්ස නිමවා
පායනා දේදුන්න සුන්දර
සිනාසෙන්නේ කිමද මෙතරම්
දුරට වී හිඳ පාට තවරන්....

නුබේ ආඩම්බර සිනාවෙන්
කියන්නේ යලි අසුරු සැනකින්
මුරුගසන් වැසි වැටෙන බවනම්
කෙලෙස අප පෙම් කරන් සිතකින්.....

ඔලොකුවට සිනාසෙන
ආඩම්බර පාට හතට.....

                                          -----හිතුවක්කාරයා----

Tuesday, December 17, 2013

විලාපය.....

කෑලි කපන කලුවර පිරි අමාවකේ
බස්සෙකු හඩන හඩ ඇසුනයි නිරන්තරේ
මූසල බවින් පිරි ගගබඩ වනන්තරේ
දෙවනත් කරන හඩකිනි මා තිගැස්සුනේ

නොසිතූ ලෙසක බියකින් මා හද සැලුනා
සවනත වැකුන හඩ දෙසවන ‍රැව් නැගුනා
නෙත් දෙක පියෙන විට යලි හද තිගැසුනා
නින්දත් නොනින්දත් අතරින් ‍රැය ගෙවුනා

ලා හිරු කිරන විහිදා හිරු නැග තිබුනේ
ඇතිවූ බියෙන් එනමුදු නැත සිත මිදුනේ
විපරම් කලෙමි කොහි සිටදෝ හඩ ඇසුනේ
ගග'බඩ දෙසට මිනිසුන් දිව යනු පෙනුනේ

ඇගලා ගතිමි අසුවුන රෙදි කැබැල්ලකින්
හනිකට දිව ගියෙමි හිස් දෙපා මතින්
‍රැස් කන දනන් මැද රින්ගා බැලූ සැනින්
දු‍ටු දසුනින්ම හදවත යලි වැ‍ටුනි කඩන්

සුන්දර තරුනියකි ඇය දු‍ටු දන මන බදින
සැමගේ අදර සැලකිලි මැද දිවි ගෙවන
හමුවන සැමට තෙපලයි සුන්දර වදන
ඇගෙ පෙම පතා පැමිනෙයි බබරුන් තරුණ

ඇය දැන් සිටි මිහිකත මත මුහුන හොවා
කඳ එක ඇනක හිස ඇත තව තැනක තබා
රත් පැහැ රුහිරු දහරා යයි තවම ගලා
රෙදි පිලි ඇගේ වත මත වත් නොමැත තබා

පෙර දින ඇයව වත්තන් කර පැමිනි සැනින්
කෙලෙසා ඇගේ මුලු දිවියම අඳුරු කරන්
පණ නළ සිඳුන ඈ ගග'බඩ ඇතත් නිතින්
එනමුදු ගඟ ගලයි කිසිවක් නොවුනු ලෙසින්

                                                  -----හිතුවක්කාරයා----

Monday, December 16, 2013

අවජාතක පුත්‍රයෙකුගේ පැනයක්.....

මව් තුරුලේ ගුලි වෙමින්
උනුසුමේ සැගවෙමින්
හීන් සිරුවේ කිරි උරා බොන
බලල් පැටව්නේ මේ අසාපන්.....

දන්නවාද පැටව්නේ නුබ
පියාගේ වගතුග
ඇසුවේද කවුරු හෝ කෙදිනක
පියෙකුගේ වගතුවක්....

දනිමි මා කෙදින හෝ ලොකයා
පියෙකු ගැන නොවිමසනා බව
නුබටද පැනයක් නොවන වග
නුබ පියාගේ වගතුවක්.....

නමුදු මා හද ගැහෙයි නිතැතින්
සිතේ තෙරපෙයි විසල් පැනයක්
කිමද මේ ලොව මගෙන් පමනක්
විමසුවේ පියෙකුගේ වගතුවක්.....

Friday, December 6, 2013

රත්න ශ්‍රි විජේසින්හ කිවිදානන්ට.....



''වන්කගිරි අරණේ'' සැරීමට 
''බිය නොවන් අයියණ්ඩී'' යැයි කියමින්
''සල්ගහ යට'' සිට
අත වැනූ කිවිඳාන....

''වස්සනේ අබර''ට පෑයූ
''ගුරු තරුව''ක්ව නුබ
''සුබ උදෑසන''ද
අබරෙන් බැස නොගිය කිවිඳාන....

''සන්ද්්‍ය තීර්තයෙ''න් සමුගෙන
අබරෙන් බැස නොයනු මැන.......

Thursday, December 5, 2013

පරපෝෂිතයා....


අදුරු නුබ ගැබ සිසාරා
තරු කැකුලු වට කරන්
ආඩම්බර මදහස පෑමුත් 
නුබ....
තවම නොදන්නේ මන්ද
නුබත් පරපෝෂිතයෙකු වග
හිරු ‍රැසේ පිහිටෙන්
එලිය විහිදුවන......

Wednesday, December 4, 2013

මා සොයපු ජීවිතේ.....

මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ
නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ
අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ
නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ

නුබ ‍රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ
ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ
යලි ඒවි යැයි කියා බලා ඉමි මතු දිනේ
නුබට වෙන් වෙච්ච තැන හිස් වෙලා දැන් හිතේ

නොතේරුම් කමට මා වැරදිලා ගිය මගේ
නුබ සිටිය අතරමග අපූරුව හරි අගේ
තුරුනු ඇස් වලින් මේ ජීවිතය දු‍ටු දිනේ
හිත පිපුනි කදුලු පිරි නෙත් විලක අද දිනේ

දරාගනු දුකක් හන්ගගෙන මගෙ හිතේ
මටත් පුදුමයි දොර‍ටු විවර උනු එක එක ඉබේ
පහන් කල බිදුනු සිත අදුරු කර පෙර වගේ
                            වීසි කර දමා නුබ ගියපු හැටි හරි අගේ

මලක් වී පිපෙන්නට පෙර පරව ගිය හිතේ
සුවද විතරක් අනේ දැන් ඉතිරි වී තියේ
මගේ සිත සනසන්න නැතිද පැතුමක් නුබේ
නුබයි මම ඇස් රිදෙන තුරු සොයපු ජීවිතේ 

Tuesday, December 3, 2013

වෙනසකට පෙර....

පහන් සිල නිවෙන්නට පෙර
දඟලයි මෙසේ සකිසඳ
ඉවසන් තව මොහොතක්
නිවේවි පහන් සිල
අපිවත් නොසිතනා මොහොතක....

කකුලුවා උව හැලියේ සිටින
අඬු විහිදා දිය කෙලින සඳ
නොදනී හැලිය යට
බුර බුරා ගිනි ඇවිලෙනා වග....