Saturday, November 5, 2016

කොටුව දුම්රියපළ ඉදිරිපිට

කාකි ඇදුමන් ඇගෙහි ලාගත්
මාර සේනා නිතර යන එන
රක්ත වර්නෙන් උස්ව මොරදී
නුවර වැසියන් නිතර රැස්වෙන

අව්ව වැස්සට තෙමී දින සති
අට්ටාල වල රැය පහන් වන
රජුන් මැතිදුන් වසා නෙත් යුග
හනික පිම්මේ ඉගිල්ලී යන

වීදි පහනක එලිය මගහැර
අමාවක තැන් සොයා ඇවිදින
සරාගික නෙත් දහක් හොරැහින්
කස්ටමස්ලා සොයන් පැමිනෙන

කෙසග සිරුරක ඉරුනු වැරහැලි
දවටාන නාවර පෙරාගෙන
හැට්ට කටු ටොෆි ලොසින්ජර පොත්
ගන්න ලාබයි කියා විකුණන 

හීන කන්දක් හදෙහි සගවන්
තුට්ටුවක පඩිපතක් හිස ගෙන
දිනපතා දුම්රියෙන් ඇවිදින්
පනින්නට රතු ඉරෙන් දුවයන

මෙ'ලක සිරි විසිතුරු බලන්නට
මැණිකෙ උඩරට සොයා ලතැවෙන
අහල පහලක ඉගිල යන්නට
හඩින් ගුගුලන බොහෝ බස් යන

මෙපුර ඇවිදින යනෙන සකියනි
අසිරිමත් පුර වැයුම් නොගැයෙන
ස්වේත වර්නෙන් උස්ව හිනහී
සුවහසක් දන එතෙර කරවන


Sunday, October 9, 2016

ලියමනක්


රහට බත් නැති මාලු පිනි නැති
කැන්ටිමක් අපි ලගම තිබුනා
මිරිස් තුනපහ නොදුටු හොද්දක
කදුලු බිදු ලුනු රහට හැපුනා

තට්ටු පහ හය උසට හොස්ටල් 
ගජේ දාගෙන ඉන්න ලැබුනා
අනේ අම්මේ නින්ද එනකොට
කඩුපුලක මල් සුවද දැනුනා

මලක් දෑතින් ගත් කුමාරෙක්
ඊයේ හවසත් ඇවිත් උන්නා
නුහුරු හැගුමක් හිතට දැනුනත්
හීනෙනුත් බයවෙලා ඇඩුනා

උදේ ලෙක්චස් හවස ලෙක්චස්
පහුවදා ප්‍රැක්ටිකල් තිබුනා
දවස් දෙකකින් ගෙනත් දෙන්නට
ටියුට් මිටියක් අතේ රැදුනා

සෙමෙස්තරයක් ගෙවී අවසන
විබාගේකට වරම් ලැබුනා
නිදිමරාගෙන දාපු ගිරවගෙ
වදන් පේපරෙ උඩට වැටුනා

අනේ අම්මේ හිටියා දැන් ඇති
හීනෙනුත් අම්මාව  පෙනුනා
එක්ක යන්නට එන්නේ කවදද
චූටි දූ ඉකි ගසා හැඩුවා

@ඉරුනු පිටෙක ලියූ කවක්
ප්‍රදීප් ලක්ශිත | 2016.10.06

Tuesday, September 13, 2016

සිතින් පත්තිනි නොහොත්

කන්නකී වී කෝවලන් ලග
තුරුලු වන්නට සිතා ඉන්නැති..
පතිනි දම් සුදු සාලු අස්සේ
සගවා ඉන්නට වෙර දරන්නැති..


ලොවට රහසින් අදුරු කුටියක
කෝවලන් ලග සලු ලිහන්නැති
රන් රිදී මුතු ගෑවිලා නැති
පා සලබ අමතකව එන්නැති..

පා සලබ සේ නුබව දවසක
කෝවලන් මග දමා යන්නැති
පතිනිවත අමතකව දහසක්
කෝවලන්ලා නුබ සොයන්නැති...

පියයුරක් පොලොවේ ගසන්නට 
හයිය හත්තිය නුඹට නැතුවැති
ලොවට නොපෙනෙන දුක් අදෝනා
නෙතේ කදුලක සිරවෙලා ඇති....

|ප්‍රදීප් ලක්ශිත | 2016.06.18

Monday, May 30, 2016

ඉසුරුමුණියේ පෙම්වතාට


දහක් සෙනග ගැවසෙන තැන
දහක් නුඹ බලන්නට එන
පිය'ඹ ලැම වසාලන්නට
අමතක වීදෝ....

පුරා දුරාතීතෙක හිද
පිය'ඹ වතට තුරුලු කරන්
අව් වැස්සට ඉහලන්නට
සෙවනක් නැතිවීදෝ....

සියක් වස් ගෙවී ගිය තැන
මුව'ග සිනා පොදි බැදගෙන
එදා වගෙම අදත් පෙමින්
කෙලෙස හිදිම් දෝ.....

               | ප්‍රදීප් ලක්ශිත| 2016.05.11

Friday, April 22, 2016

කිදුරු කව

කුඩා වැල්ලේ තබා පා යුග
දෑත කරගැට දෙස බලා
සුදු පුතා පිට කිදුරු කුමරුන්
දියඹ වෙත පියමන් කලා...  

දියඹ පීරා ගෙනා අස්වනු 
වැලි තලාවක අතුරලා
කිදුරි මොහොතක් කිදුරා යන මග
බලා දෑතම එක් කලා....

වැල්ල හාරන් සිප්පි අහුලන
පුතු දෙසට නෙත් යුග යොමා
හදේ ගැඹුරුම තැනක සිර වූ
සුසුම් සුළඟට මුහු කලා...