Monday, May 30, 2016

ඉසුරුමුණියේ පෙම්වතාට


දහක් සෙනග ගැවසෙන තැන
දහක් නුඹ බලන්නට එන
පිය'ඹ ලැම වසාලන්නට
අමතක වීදෝ....

පුරා දුරාතීතෙක හිද
පිය'ඹ වතට තුරුලු කරන්
අව් වැස්සට ඉහලන්නට
සෙවනක් නැතිවීදෝ....

සියක් වස් ගෙවී ගිය තැන
මුව'ග සිනා පොදි බැදගෙන
එදා වගෙම අදත් පෙමින්
කෙලෙස හිදිම් දෝ.....

               | ප්‍රදීප් ලක්ශිත| 2016.05.11

4 comments:

  1. ඒ ප්‍රශ්නය උත්තරයක් නැති ප්‍රශ්නයක් නේද?

    ReplyDelete
    Replies
    1. උඹට ඒවා තේරෙනවා නේද????? අහුවෙයංකෝ.......

      Delete
  2. ගලේ කෙටූ පෙම්පුවතක්...

    ReplyDelete
  3. ඔව් හිසට සෙවණක් තාමත් නෑ නේද...ක්රපු පව් වෙන්නැති

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...