Wednesday, February 18, 2015

මිනී කපන නිමලදාස...

නිමිත්ත:-
නිමලදාසගේ 56 හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ශනයට සුපුරුදු පරිදි නිමලදාස දොස්තර හා මෝචරියට ඇතුලු විය.

එකදහස් නවසිය හැට එකේ ඉපදුන
වයස අවුරුදු හැටක් ගතවුන
ඉස්පිරිතාලේ මිනී කපන නිමලදාස
වෙදදුරු සමඟ විත් මිනී කාමරයට
බලා මියගිය සිය පිය'ඹ දෙස....

''අනේ නිමලේ ඇයිද අද මේ
පිහියකුත් අත තියන් ආවේ
හතලිහක් වස් නුඹ සමඟ ආ
මන් කපන්නද ආවෙ නිමලේ...

මන් කාර බැඳ ආව දවසේ
සේද සළු නුඹ ලිහූ සයනේ
අදත් මා සළු ලිහන මොහොතේ
මතක් වෙනවද මගේ නිමලේ....

දූ පුතුන් දුරු රටක නිමලේ
උන් හොඳින් ඇති නේද නිමලේ
එක් වරක් උන් රුව දකින්නට
මගේ ඇස් ඇරෙනවද නිමලේ.....

ලෙඩ ඇඳට මා සිරවු මොහොතේ
දරුවනුත් ළඟ නෑනෙ නිමලේ
ඇඳ ලඟට වී ඔලුව අතගා
නිඹයි හිත සැනසුවේ නිමලේ....

සුවහසක් ළය පැලූ දෑතින්
කඳුළු පිරවූ මහලු දෙනෙතින් 
මා ළයත් නුඹ පලා සැතකින්
ආදරේ සෙව්වාද නිමලේ...
ආදරේ දුටුවාද නිමලේ....

කව්ද නිමලෙට කන්න දෙන්නේ
නිමලෙ ළඟ තනි නොතනියට ඉන්නේ
මාත් එක්කම යන්න එන්නට
නුඹට ඇහැකිද මගේ නිමලේ...''

                                                                                                                               ----හිතුවක්කාරයා----

Sunday, February 8, 2015

නූතන මනමේ කතා වස්තුව......


උනා මිරිවැඩි සඟල අගුපිල
රළු පොළොව මත පය ගැසූ
මනමෙ කුමරුන් නුඹම වේමැයි
මගේ අතිනත ගෙන විසූ.....

කුසට අහරක් හිසට වහලක්
නොමැති මුත් හරිහැටි සැදූ
රළු හිතින් පෙම මුදා විදහල
නුඹයි කුමරුනි මගෙ සඳූ....

උනා වැරහැලි සයනයක හිඳ
වැදි රජුන් ළඟ දණ නැමූ
මනමෙ කුමරිය මමයි හිමියනි
කඳුළු සඟවන් හිනහුනු.....

එදා කුමරුනි නුඹට කොපුවත්
වැදි රජුට කඩුවත් පිදූ
දුශ්ඨ කුමරිය නොවෙම් අද මා
නුඹට පමණක් හිත පිදූ....

කාසි පොදි ළඟ නුඹට රහසින්
දණ නැමූ පව සිහිවුනී
කොපුව සඟවන් කඩුව දෙමි මා
හිස සිඳින්නට කුමරුනී....