Sunday, February 8, 2015

නූතන මනමේ කතා වස්තුව......


උනා මිරිවැඩි සඟල අගුපිල
රළු පොළොව මත පය ගැසූ
මනමෙ කුමරුන් නුඹම වේමැයි
මගේ අතිනත ගෙන විසූ.....

කුසට අහරක් හිසට වහලක්
නොමැති මුත් හරිහැටි සැදූ
රළු හිතින් පෙම මුදා විදහල
නුඹයි කුමරුනි මගෙ සඳූ....

උනා වැරහැලි සයනයක හිඳ
වැදි රජුන් ළඟ දණ නැමූ
මනමෙ කුමරිය මමයි හිමියනි
කඳුළු සඟවන් හිනහුනු.....

එදා කුමරුනි නුඹට කොපුවත්
වැදි රජුට කඩුවත් පිදූ
දුශ්ඨ කුමරිය නොවෙම් අද මා
නුඹට පමණක් හිත පිදූ....

කාසි පොදි ළඟ නුඹට රහසින්
දණ නැමූ පව සිහිවුනී
කොපුව සඟවන් කඩුව දෙමි මා
හිස සිඳින්නට කුමරුනී....

2 comments:

  1. හිසට සෙවනක් හිතට නිවනක්
    තබා ප්‍රේමෙට ප්‍රේමයක්
    දෙන්න නොහැකිව උකටලී මා
    සිඳිනු කුමටද වෙන හිසක්

    - නූතන මනමේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ අදහස් වලට...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...