මේ මම @ Facebook

නූතන මනමේ කතා වස්තුව......


උනා මිරිවැඩි සඟල අගුපිල
රළු පොළොව මත පය ගැසූ
මනමෙ කුමරුන් නුඹම වේමැයි
මගේ අතිනත ගෙන විසූ.....

කුසට අහරක් හිසට වහලක්
නොමැති මුත් හරිහැටි සැදූ
රළු හිතින් පෙම මුදා විදහල
නුඹයි කුමරුනි මගෙ සඳූ....

උනා වැරහැලි සයනයක හිඳ
වැදි රජුන් ළඟ දණ නැමූ
මනමෙ කුමරිය මමයි හිමියනි
කඳුළු සඟවන් හිනහුනු.....

එදා කුමරුනි නුඹට කොපුවත්
වැදි රජුට කඩුවත් පිදූ
දුශ්ඨ කුමරිය නොවෙම් අද මා
නුඹට පමණක් හිත පිදූ....

කාසි පොදි ළඟ නුඹට රහසින්
දණ නැමූ පව සිහිවුනී
කොපුව සඟවන් කඩුව දෙමි මා
හිස සිඳින්නට කුමරුනී....

Related Posts:

  • රත්න ශ්‍රි විජේසින්හ කිවිදානන්ට..... ''වන්කගිරි අරණේ'' සැරීමට  ''බිය නොවන් අයියණ්ඩී'' යැයි කියමින් ''සල්ගහ යට'' සිට අත වැනූ කිවිඳාන.... ''වස්සනේ අබර''ට පෑයූ ''ගුරු තරුව''ක්ව නුබ ''සුබ උදෑසන''ද අබරෙන් බැස නොගිය කිවිඳාන.... ''සන්ද්්‍ය තීර්ත… Read More
  • පරපෝෂිතයා.... අදුරු නුබ ගැබ සිසාරා තරු කැකුලු වට කරන් ආඩම්බර මදහස පෑමුත්  නුබ.... තවම නොදන්නේ මන්ද නුබත් පරපෝෂිතයෙකු වග හිරු ‍රැසේ පිහිටෙන් එලිය විහිදුවන...... … Read More
  • නූතන ප්‍රේමය.... .තද ඩෙනිමට හිර කමිසෙට අතේ රැදුනු දුරකථනෙට හදේ උපන් යැයි පැවසෙන පෙම පුදදෙන අපූරුව.... මොනරු නැතත් පොකැට් එකේ ක්‍රෙඩිට් කාඩ් ඇත්නම් අත ෂොපින් ගිහින් ගත් ඇදුමට පෙම පුදදෙන අපූරුව.... බඹරා වගේ ඉගිලී එන ස්කූටර් යන්ත… Read More
  • වෙනසකට පෙර.... පහන් සිල නිවෙන්නට පෙර දඟලයි මෙසේ සකිසඳ ඉවසන් තව මොහොතක් නිවේවි පහන් සිල අපිවත් නොසිතනා මොහොතක.... කකුලුවා උව හැලියේ සිටින අඬු විහිදා දිය කෙලින සඳ නොදනී හැලිය යට බුර බුරා ගිනි ඇවිලෙනා වග.... … Read More
  • මා සොයපු ජීවිතේ..... මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ නුබ ‍රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ යලි ඒවි ය… Read More

2 Comments:

  1. හිසට සෙවනක් හිතට නිවනක්
    තබා ප්‍රේමෙට ප්‍රේමයක්
    දෙන්න නොහැකිව උකටලී මා
    සිඳිනු කුමටද වෙන හිසක්

    - නූතන මනමේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ අදහස් වලට...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...