මේ මම @ Facebook

නන්දා

වියරු වෙස් ගෙන වැදී ගල්පර
බිදී විසිරී ගියෙද මන්දා
වාරකන් මැද හැමූ සුළඟට 
ආදරේ සැගවුනිද නන්දා

හීන පොදි එකිනෙක ගොතාගෙන
ඊයේ හවසත් ගියේ නන්දා
නුබේ හිරිමල් දෑස් අස්සේ
කදුලු බිදු රන් වැටක බන්දා

හීන ඉකිලන පාලු දියබ'ග
හීනයක හැමදේම කැන්දා
තරු පොකුරු මැද නුබව රැජිනකි
හදේ රජවාසලේ නන්දා

සදක් තනියම අහස කෙලවර
පැල්කොටේ ඉකිබිදින හින්දා
රැයේ ගොම්මන කලු කුමාරෙක්
පැලට වැඩියේ ඇයිද නන්දා

වියරු වෙස් ගෙන වැදී ගල්පර
බිදී විසිරී ගියෙද මන්දා
වාරකන් මැද හැමූ සුළඟට 
ආදරේ සැගවුනිද නන්දා

3 Comments:

  1. මට හිතන්නේ වෙරළ අසබඩ ජිවත් වෙන යුවතියක් ගැන කතාවක් වගේ.

    ReplyDelete
  2. ලස්සන සංවේදී කවියක්

    ReplyDelete
  3. තවත් දැරියකගේ ඉරණමක් නේද??

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...