Monday, May 11, 2015

නෙලුම් මලක් නටුවට කී කතාවක්.....


මෙ කවිය චමින්ද ප්‍රදීප් සිල්වා සහොදරයාගේ "නටු නොකී කවි" කවියට ලියපු පිලිතුරු කවියකි...

වැව් තලෙන් හිස දමා එලියට
හිරුට හිනහුනු එ අතීතෙක
මඩේ හිද මා දියෙන් උස්සන් 
නුබයි මා දැඩි කලේ මොහොතක...


හිරුත් අහසට නැගෙන්නට පෙර 
දනන් ඇවිදින් නෙලන දවසක 
මා තැලේ යැයි බියෙන් ඇලලී
නුබයි ගත දිගු කලේ හනිකට.....


බුදු පුදට මා ගතින් වෙන්කර 
පුදසුනේ මා තැබූ දිනයක 
දැනුනු තනිකම මෙපමණක් යැයි 
නුබට පවසම් කෙලෙස සකිසද....


නුබ නොමැති සොව නිසාදෝ මා
පෙති හැකිල මිලිනවී සවසක
පුදසුනෙන් ගොස් නැවතුමක් විය 
අදුරු මුල්ලක කසල බදුනක....


දහක් කුනු මැද කසළ බදුනේ
සොවින් බරවී සිටියෙ නුබමැයි
තැලී මල්පෙති මියෙන මොහොතක 
ගතින් සයනක් සැදුවෙ නුබමැයි....


                                                                   ----හිතුවක්කාරයා-----

8 comments:

  1. ළබැඳියන් උනුන් වෙනුවෙන් කරන කැප කිරීම් නෙළුමකට හා නටුවකට සාපේක්ෂව මනා ලෙස කියා දී ඇතැයි සිතමි
    ලස්සනයි ඔබට ජය!

    ReplyDelete
  2. අගේ අැති පද ටිකක් සහ සිතුවිල්ලක්

    ReplyDelete
  3. හ්ම්ම් ආදරනීය කවියක්
    සබරේ අැනෝ

    ReplyDelete
  4. මෙච්චර ලස්සන පිළිතුරු කවියක් මැවෙන්න 'නටු නොකී කවි' කොච්චර 'ගති' ඇත්ද? රෙඩා නැද්ද ලින්ක් එකක් එහෙම?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...ලින්ක් එකනම් නෑ සහෝ.... FB එකේ චමින්ද ප්‍රදීප් අයියගේ වෝල් එකේ තියෙනව සහෝ...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...