මේ මම @ Facebook

නෙලුම් මලක් නටුවට කී කතාවක්.....


මෙ කවිය චමින්ද ප්‍රදීප් සිල්වා සහොදරයාගේ "නටු නොකී කවි" කවියට ලියපු පිලිතුරු කවියකි...

වැව් තලෙන් හිස දමා එලියට
හිරුට හිනහුනු එ අතීතෙක
මඩේ හිද මා දියෙන් උස්සන් 
නුබයි මා දැඩි කලේ මොහොතක...


හිරුත් අහසට නැගෙන්නට පෙර 
දනන් ඇවිදින් නෙලන දවසක 
මා තැලේ යැයි බියෙන් ඇලලී
නුබයි ගත දිගු කලේ හනිකට.....


බුදු පුදට මා ගතින් වෙන්කර 
පුදසුනේ මා තැබූ දිනයක 
දැනුනු තනිකම මෙපමණක් යැයි 
නුබට පවසම් කෙලෙස සකිසද....


නුබ නොමැති සොව නිසාදෝ මා
පෙති හැකිල මිලිනවී සවසක
පුදසුනෙන් ගොස් නැවතුමක් විය 
අදුරු මුල්ලක කසල බදුනක....


දහක් කුනු මැද කසළ බදුනේ
සොවින් බරවී සිටියෙ නුබමැයි
තැලී මල්පෙති මියෙන මොහොතක 
ගතින් සයනක් සැදුවෙ නුබමැයි....


                                                                   ----හිතුවක්කාරයා-----

Related Posts:

  • නෙලුම් මලක් නටුවට කී කතාවක්..... මෙ කවිය චමින්ද ප්‍රදීප් සිල්වා සහොදරයාගේ "නටු නොකී කවි" කවියට ලියපු පිලිතුරු කවියකි... වැව් තලෙන් හිස දමා එලියට හිරුට හිනහුනු එ අතීතෙක මඩේ හිද මා දියෙන් උස්සන්  නුබයි මා දැඩි කලේ මොහොතක... හිරුත් අහසට … Read More
  • පෙති තැලුනු මල් කැකුල.... නිමිත්ත:- පියෙකු හා ඔහුගේ මිතුරන් පිරිසක් මත්පැන් පානය කර, සිය දියනිය දූශනය  කරයි.. සඳ මඩල සැගව ගිය අදුර පිරි මහ රැයක බබර රැනක් හෙමින් ළන් උනා මදුවිතේ මදු සුවඳ පැතිරුනා විදුලි මිනි නිවී ගොස් අඳුර රජයන පැයට… Read More
  • නූතන මනමේ කතා වස්තුව...... උනා මිරිවැඩි සඟල අගුපිල රළු පොළොව මත පය ගැසූ මනමෙ කුමරුන් නුඹම වේමැයි මගේ අතිනත ගෙන විසූ..... කුසට අහරක් හිසට වහලක් නොමැති මුත් හරිහැටි සැදූ රළු හිතින් පෙම මුදා විදහල නුඹයි කුමරුනි මගෙ සඳූ.... උනා වැරහැලි සයනය… Read More
  • මිනී කපන නිමලදාස... නිමිත්ත:- නිමලදාසගේ 56 හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ශනයට සුපුරුදු පරිදි නිමලදාස දොස්තර හා මෝචරියට ඇතුලු විය. එකදහස් නවසිය හැට එකේ ඉපදුන වයස අවුරුදු හැටක් ගතවුන ඉස්පිරිතාලේ මිනී කපන නිමලදාස වෙදදුරු සමඟ විත් මිනී කාමරයට බ… Read More
  • අවජාතක පුත්‍රයෙකුගේ පැනයක්..... මව් තුරුලේ ගුලි වෙමින් උනුසුමේ සැගවෙමින් හීන් සිරුවේ කිරි උරා බොන බලල් පැටව්නේ මේ අසාපන්..... දන්නවාද පැටව්නේ නුබ පියාගේ වගතුග ඇසුවේද කවුරු හෝ කෙදිනක පියෙකුගේ වගතුවක්.... දනිමි මා කෙදින හෝ ලොකයා පියෙකු ගැන නොවිම… Read More

8 Comments:

  1. ළබැඳියන් උනුන් වෙනුවෙන් කරන කැප කිරීම් නෙළුමකට හා නටුවකට සාපේක්ෂව මනා ලෙස කියා දී ඇතැයි සිතමි
    ලස්සනයි ඔබට ජය!

    ReplyDelete
  2. අගේ අැති පද ටිකක් සහ සිතුවිල්ලක්

    ReplyDelete
  3. හ්ම්ම් ආදරනීය කවියක්
    සබරේ අැනෝ

    ReplyDelete
  4. මෙච්චර ලස්සන පිළිතුරු කවියක් මැවෙන්න 'නටු නොකී කවි' කොච්චර 'ගති' ඇත්ද? රෙඩා නැද්ද ලින්ක් එකක් එහෙම?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...ලින්ක් එකනම් නෑ සහෝ.... FB එකේ චමින්ද ප්‍රදීප් අයියගේ වෝල් එකේ තියෙනව සහෝ...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...