Tuesday, September 13, 2016

සිතින් පත්තිනි නොහොත්

කන්නකී වී කෝවලන් ලග
තුරුලු වන්නට සිතා ඉන්නැති..
පතිනි දම් සුදු සාලු අස්සේ
සගවා ඉන්නට වෙර දරන්නැති..


ලොවට රහසින් අදුරු කුටියක
කෝවලන් ලග සලු ලිහන්නැති
රන් රිදී මුතු ගෑවිලා නැති
පා සලබ අමතකව එන්නැති..

පා සලබ සේ නුබව දවසක
කෝවලන් මග දමා යන්නැති
පතිනිවත අමතකව දහසක්
කෝවලන්ලා නුබ සොයන්නැති...

පියයුරක් පොලොවේ ගසන්නට 
හයිය හත්තිය නුඹට නැතුවැති
ලොවට නොපෙනෙන දුක් අදෝනා
නෙතේ කදුලක සිරවෙලා ඇති....

|ප්‍රදීප් ලක්ශිත | 2016.06.18

8 comments:

  1. හොඳ කවි පෙළක්.

    ReplyDelete
  2. හරිම ලස්සනයි ප්‍රදීප්.. ^_^

    ReplyDelete
  3. //ලොවට නොපෙනෙන දුක් අදෝනා නෙතේ කදුලක සිරවෙලා ඇති....

    ලස්සනයි...

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  5. නෙළුම් යායෙන් අපූරු තැනකට මාවත් ගෙනාවා ඔබේ නිර්මාණය "අපූරු"යි

    ReplyDelete
  6. හරිම අපූරුයි ප්‍රදීප්...රසවත් නිර්මාණයක්...

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...