මේ මම @ Facebook

සිතින් පත්තිනි නොහොත්

කන්නකී වී කෝවලන් ලග
තුරුලු වන්නට සිතා ඉන්නැති..
පතිනි දම් සුදු සාලු අස්සේ
සගවා ඉන්නට වෙර දරන්නැති..


ලොවට රහසින් අදුරු කුටියක
කෝවලන් ලග සලු ලිහන්නැති
රන් රිදී මුතු ගෑවිලා නැති
පා සලබ අමතකව එන්නැති..

පා සලබ සේ නුබව දවසක
කෝවලන් මග දමා යන්නැති
පතිනිවත අමතකව දහසක්
කෝවලන්ලා නුබ සොයන්නැති...

පියයුරක් පොලොවේ ගසන්නට 
හයිය හත්තිය නුඹට නැතුවැති
ලොවට නොපෙනෙන දුක් අදෝනා
නෙතේ කදුලක සිරවෙලා ඇති....

|ප්‍රදීප් ලක්ශිත | 2016.06.18

Related Posts:

  • කම්හලේදී දුටු යුවතියට......... චන්ඩ හිරු රැස් අතර දුකිනේ කම්හලට පා නගන අතරේ මිතුරු කැල වට කරන් සොඳුරේ නුඹත් ඇවිදින් සිටිය අරුමේ........ මුවපුරා නැගි සොඳුරු හසරැල                         &n… Read More
  • අඟුරු කැටයෙන් ලියමි.......... රටට විනකල නේක උවදුරු ලියු නිසා මා මගේ කවියක........... නොකල වරදක් හිසේ පටවා  සිරකලා මා අඳුරු කුටියක............. සිතේ තෙරපෙන නේක අදහස් සිතේ පබඳිනු යලිඳු කවියක......... කවි ලියන්නට නොහැක මා හට අඳුරු කුටියෙද… Read More
  • දෙබිඩි...... සඳට පෙම් බඳිමි  සඳ දෙසම බලමි නේක කව් පද        සඳ වෙතට ලියමි...... අමාවක පැමිනුනි සඳමඩල සැඟවුනි සඳට පෙම් බැඳි       මා අඳුරෙ තනිවුනි...... නොදැනීම මා සිත    පෙම… Read More
  • කවියාගේ බිරිඳ කවියාට කී කව......... බණ පොත් සදෙස් කව් පෙරලමින් කියවමින් රැය පුරා නිදි වරා කිමද කරනා කාරණා......... රැය පුරා අවදියෙන් නුඹ කුටියෙ කව්ලුවෙන් අඳුරු ගඟනත බලා කිමද කරනා කාරණා......... උදැසන නුඹ කුටිය වෙත අව්ත් බලන කල දසත විසිරී තිබේ ක… Read More
  • කාලෙකට පස්සෙ........ කමා උව මැනව     මා ප්‍රිය සඹඳ.........   කව් පද වැල් මිටකින්   නුඹ දැත සරසවන්නට    පමා වුවාට මා හට.......   පැමිනියෙමි ප්‍රිය සඹඳ     නැවුම් කව් පද රැගෙන   &… Read More

8 Comments:

  1. හොඳ කවි පෙළක්.

    ReplyDelete
  2. හරිම ලස්සනයි ප්‍රදීප්.. ^_^

    ReplyDelete
  3. //ලොවට නොපෙනෙන දුක් අදෝනා නෙතේ කදුලක සිරවෙලා ඇති....

    ලස්සනයි...

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  5. නෙළුම් යායෙන් අපූරු තැනකට මාවත් ගෙනාවා ඔබේ නිර්මාණය "අපූරු"යි

    ReplyDelete
  6. හරිම අපූරුයි ප්‍රදීප්...රසවත් නිර්මාණයක්...

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...