මේ මම @ Facebook

සිතින් පත්තිනි නොහොත්

කන්නකී වී කෝවලන් ලග
තුරුලු වන්නට සිතා ඉන්නැති..
පතිනි දම් සුදු සාලු අස්සේ
සගවා ඉන්නට වෙර දරන්නැති..


ලොවට රහසින් අදුරු කුටියක
කෝවලන් ලග සලු ලිහන්නැති
රන් රිදී මුතු ගෑවිලා නැති
පා සලබ අමතකව එන්නැති..

පා සලබ සේ නුබව දවසක
කෝවලන් මග දමා යන්නැති
පතිනිවත අමතකව දහසක්
කෝවලන්ලා නුබ සොයන්නැති...

පියයුරක් පොලොවේ ගසන්නට 
හයිය හත්තිය නුඹට නැතුවැති
ලොවට නොපෙනෙන දුක් අදෝනා
නෙතේ කදුලක සිරවෙලා ඇති....

|ප්‍රදීප් ලක්ශිත | 2016.06.18

Related Posts:

  • ඇත්ගොව්වා කී කව....... ගත සවිය නොම දැන මෝඩ මේ ඇත් රජ  දුබල මා අත දැවටි හෙන්ඩුවට බිය ගෙන සෙමින් පා තබමින මට අවැසි විලසට කීකරුව නිහඩව ඇවිද යන අපූරුව......... … Read More
  • අම්මා...... හිරු නිදන් සිටින'තර පාන්දර              ඇහැරිලා පොඩි උන්ට උයන්නට ලිප ගිනිද      මොලවලා හාල් හුන්ඩුව උයන් සම්බලය               අබරලා කහට උගු… Read More
  • මිදි = ආදරය එදා නරියා........... කරනට දෙයක් නොමැතිව අයාලේ ඇවිදින මිදි දුටුව නරියෙකු කෙල පෙරා ආ අපූරුව..... බෝ සේ වෙහෙසව මිදි කඩනු නොහැකිව තිත්ත මිදි යැයි බනිමින නික්ම ගිය අපූරුව.... අද නුබ......... මා දුටුව දින සිට සොදුරුයි හැඩයි … Read More
  • අවසරයි සොයුරනෙ....... අතු අගින් මිලින වී වැටුනු රතු මල් පොකුරු නැති අඩුව පුරවන්න පිපේ තව රතු කැකුලු........ වෙන්ව ගිය මුදු සොයුර මුලු ලොවම කර අඳුරු නැගේ තවමත් සබඳ පෙර'බරින් තවම හිරු........  නුබ නොමැති දින වැටුනි නෙතු අගින් උනු… Read More
  • වෙනස වියො වුහ තම බිරිද සදා සිහිවනු පිනිස සා ජහාන් රජු තනුවලු තම බිරිද නාමයෙන් විසල් ටජ් මහලක්........ වෙලේ ගෙදර පෙලේ විසු අසරන සිරිපාල වියො වු තම බිරිද සදා සිහිවනු පිනිස තෙනුවාලු සොහොන් කොතක්.......... … Read More

8 Comments:

  1. හොඳ කවි පෙළක්.

    ReplyDelete
  2. හරිම ලස්සනයි ප්‍රදීප්.. ^_^

    ReplyDelete
  3. //ලොවට නොපෙනෙන දුක් අදෝනා නෙතේ කදුලක සිරවෙලා ඇති....

    ලස්සනයි...

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  5. නෙළුම් යායෙන් අපූරු තැනකට මාවත් ගෙනාවා ඔබේ නිර්මාණය "අපූරු"යි

    ReplyDelete
  6. හරිම අපූරුයි ප්‍රදීප්...රසවත් නිර්මාණයක්...

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...