මේ මම @ Facebook

සිතින් පත්තිනි නොහොත්

කන්නකී වී කෝවලන් ලග
තුරුලු වන්නට සිතා ඉන්නැති..
පතිනි දම් සුදු සාලු අස්සේ
සගවා ඉන්නට වෙර දරන්නැති..


ලොවට රහසින් අදුරු කුටියක
කෝවලන් ලග සලු ලිහන්නැති
රන් රිදී මුතු ගෑවිලා නැති
පා සලබ අමතකව එන්නැති..

පා සලබ සේ නුබව දවසක
කෝවලන් මග දමා යන්නැති
පතිනිවත අමතකව දහසක්
කෝවලන්ලා නුබ සොයන්නැති...

පියයුරක් පොලොවේ ගසන්නට 
හයිය හත්තිය නුඹට නැතුවැති
ලොවට නොපෙනෙන දුක් අදෝනා
නෙතේ කදුලක සිරවෙලා ඇති....

|ප්‍රදීප් ලක්ශිත | 2016.06.18

Related Posts:

  • වර්තමානය.....ජිවිතෙ සුන්දරයි.... පට්ටම පට්ට සුන්දරයි...  ඒත් අතීතීතය.. බොහෝ තැන් ක‍ටුකයි... අනාගතය... කොහොම වේවිද කියන්න දන්නෙ නෑ. හිතා ගන්නත් බැ. ඒත් වර්තමානය පට්ටම පට්ට විදිහට සුන්දරයි. මට තේරෙන්නෙත් මට දැනෙන්නෙත් එච්චරයි. ඔයාටවත් … Read More
  • අවන්හලකදී...... අවන්හලක වූ කෙරවල            අසුනක තනිවම ඉඳගෙන තොලගා         මදුවිත දෑස'ඩවන් කර නිසලව             හිඳි විට බමනව දැනෙනව ලෝකය   &nb… Read More
  • ------------ ගමේ සැදෙන පිරිත් කො‍ටුව නුබ කැටයමින් හැඩ වැඩ උනාදෝ නුබේ ගෙපැල පිරිත් පැලේ කැටයම් නැති උනාදෝ......... පන්සලේ පල්ලියේ බිත්ති මත නුබේ සිහින සිතුවම් උනාදෝ නුබේ පැලේ බිත්ති සතර සිතුවම් නැති උනාදෝ...... මගුල් ගෙයට… Read More
  • වෙනසක්.......?????? ගුවන් ගැබ අවුරාකලු වලා කෝඩ අතුරාඅකුණු සර වැදී හදමුරුසන් වැස්සේ තෙමුනා....හැරි හැරී බැලූ අතමීදුම් සලු වටව ඇතපා තබන දිශාවක් හරියටම නිච්චි නැත...... ? ? ? ? ? ? ? ? ? ? ? ? වසා පැමිනි මීදුම් සලු අතර   &n… Read More
  • EXAM.......(CAT)          මේ දවස් වල එපා වෙලා.... CAT අස්සෙ හිරවෙලා මේ ගෙවන ජීවිතේ මොකක්ද කියලත් වෙලාවකට හිතෙනව...... හිතට කවි පදයක් වත් එන්නෙ නැති තරම් ඔලුව අව්ල් වෙලා...... CAT එකට කෙල උනොත් ඔක්… Read More

8 Comments:

  1. හොඳ කවි පෙළක්.

    ReplyDelete
  2. හරිම ලස්සනයි ප්‍රදීප්.. ^_^

    ReplyDelete
  3. //ලොවට නොපෙනෙන දුක් අදෝනා නෙතේ කදුලක සිරවෙලා ඇති....

    ලස්සනයි...

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  5. නෙළුම් යායෙන් අපූරු තැනකට මාවත් ගෙනාවා ඔබේ නිර්මාණය "අපූරු"යි

    ReplyDelete
  6. හරිම අපූරුයි ප්‍රදීප්...රසවත් නිර්මාණයක්...

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...