මේ මම @ Facebook

සිතින් පත්තිනි නොහොත්

කන්නකී වී කෝවලන් ලග
තුරුලු වන්නට සිතා ඉන්නැති..
පතිනි දම් සුදු සාලු අස්සේ
සගවා ඉන්නට වෙර දරන්නැති..


ලොවට රහසින් අදුරු කුටියක
කෝවලන් ලග සලු ලිහන්නැති
රන් රිදී මුතු ගෑවිලා නැති
පා සලබ අමතකව එන්නැති..

පා සලබ සේ නුබව දවසක
කෝවලන් මග දමා යන්නැති
පතිනිවත අමතකව දහසක්
කෝවලන්ලා නුබ සොයන්නැති...

පියයුරක් පොලොවේ ගසන්නට 
හයිය හත්තිය නුඹට නැතුවැති
ලොවට නොපෙනෙන දුක් අදෝනා
නෙතේ කදුලක සිරවෙලා ඇති....

|ප්‍රදීප් ලක්ශිත | 2016.06.18

Related Posts:

  • විලාපය..... කෑලි කපන කලුවර පිරි අමාවකේ බස්සෙකු හඩන හඩ ඇසුනයි නිරන්තරේ මූසල බවින් පිරි ගගබඩ වනන්තරේ දෙවනත් කරන හඩකිනි මා තිගැස්සුනේ නොසිතූ ලෙසක බියකින් මා හද සැලුනා සවනත වැකුන හඩ දෙසවන ‍රැව් නැගුනා නෙත් දෙක පියෙන විට යලි හද තිගැස… Read More
  • මා සොයපු ජීවිතේ..... මල් හීන පෙති හැලුන පරව ගිය ජීවිතේ නුබට බර දෙන්න බැරි කමයි කවිකම උනේ අත් බැදන් දුර යන්න බැරි නිසා මතු දිනේ නුබෙ සුවද සගවගමි තනි කමට මගෙ හිතේ නුබ ‍රැදෙන හැම තැනම පන්සලක සුව දැනේ ඒත් ඉඩ නෑ නොවෙද පර මලට පුදසුනේ යලි ඒවි ය… Read More
  • රත්න ශ්‍රි විජේසින්හ කිවිදානන්ට..... ''වන්කගිරි අරණේ'' සැරීමට  ''බිය නොවන් අයියණ්ඩී'' යැයි කියමින් ''සල්ගහ යට'' සිට අත වැනූ කිවිඳාන.... ''වස්සනේ අබර''ට පෑයූ ''ගුරු තරුව''ක්ව නුබ ''සුබ උදෑසන''ද අබරෙන් බැස නොගිය කිවිඳාන.... ''සන්ද්්‍ය තීර්ත… Read More
  • වැස්ස..... ඉල්ලූ පමනින් හතර අත යදිමින් දුන්නේ කිම මෙසේ ඉවක් බවක් නොමැතිව දරා ගනු බැරි පමණ......                      &n… Read More
  • පරපෝෂිතයා.... අදුරු නුබ ගැබ සිසාරා තරු කැකුලු වට කරන් ආඩම්බර මදහස පෑමුත්  නුබ.... තවම නොදන්නේ මන්ද නුබත් පරපෝෂිතයෙකු වග හිරු ‍රැසේ පිහිටෙන් එලිය විහිදුවන...... … Read More

8 Comments:

  1. හොඳ කවි පෙළක්.

    ReplyDelete
  2. හරිම ලස්සනයි ප්‍රදීප්.. ^_^

    ReplyDelete
  3. //ලොවට නොපෙනෙන දුක් අදෝනා නෙතේ කදුලක සිරවෙලා ඇති....

    ලස්සනයි...

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  5. නෙළුම් යායෙන් අපූරු තැනකට මාවත් ගෙනාවා ඔබේ නිර්මාණය "අපූරු"යි

    ReplyDelete
  6. හරිම අපූරුයි ප්‍රදීප්...රසවත් නිර්මාණයක්...

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...