මේ මම @ Facebook

මෙසේ පාපොච්චාරනය කරන වගනම්....


තරාදිය එක් අතින් එල්ලා
දෑස් රෙදි කඩින් බැඳ
යුක්තියේ යුවතිය අසල හිඳි
නඩුකාර තැන අසනු මැන

වයස දාහතක් පිරුනත්
තවම පාසල් ගමන නෑ නිම
ඉඳ හිටක හෝ සුවාමිනි මම
පාසලට පිය නැගුව සත්තයි....

අපේ වයසේ උන්නු සමහරු
අඳුරු මුලු වල රති කෙලින විට
හැඟුම් ඇහැරී මමත් ඉඳහිට
අසැබි දසුනුත් බැලුව සත්තයි....

යහලුවන් පන්තියෙ එකට සිටි
තනිය මකනට පෙම් කෙලින සඳ
මගේ තනි නොතනියට ඉඳහිට
කන්සා කූරක් ගැසුව සත්තයි....

එහා ගෙදර උන් පුන්චි නැගනිය
මා සමග හුරතලෙන් සිටි විට
මගේ නැගනිය ලෙසින් මට
හැඟුනු බවනම් කියමි සත්තයි...

අසනු මැන නඩුකාර හිමියනි
අසැබි බැලුවත් කන්සා ගැසුවත්
පුන්චි නැගනිය දිහා කිසි දින
වැර'දැසින් නොබැලුවෙමි සත්තයි....

සැමට යුක්තිය පසඳලන
සුපින්වත් නඩුකාර තැන
මට කියන්නට ඇත්තෙ මෙපමනි
මටත් යුක්තිය පසිඳලනු මැන.....

නිමිත්ත :-
සේයා දැරියගේ ඝාතනයට සැක පිට 17 හැවිරිදි පාසල් සිසුවෙකු රක්ශිත බන්ධනාගාර ගත කරයි

                                                                                               ----හිතුවක්කාරයා----

4 Comments:

  1. ඔය කාරණේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. කොල්ලගේ අතේ වැරදි නෑ නෙවේ. ඒත් ලැබුණු දඩුවම නම් ගොඩක් වැඩියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  2. අවස්ථානුකූලයි මචන්
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...