මේ මම @ Facebook

මෙසේ පාපොච්චාරනය කරන වගනම්....


තරාදිය එක් අතින් එල්ලා
දෑස් රෙදි කඩින් බැඳ
යුක්තියේ යුවතිය අසල හිඳි
නඩුකාර තැන අසනු මැන

වයස දාහතක් පිරුනත්
තවම පාසල් ගමන නෑ නිම
ඉඳ හිටක හෝ සුවාමිනි මම
පාසලට පිය නැගුව සත්තයි....

අපේ වයසේ උන්නු සමහරු
අඳුරු මුලු වල රති කෙලින විට
හැඟුම් ඇහැරී මමත් ඉඳහිට
අසැබි දසුනුත් බැලුව සත්තයි....

යහලුවන් පන්තියෙ එකට සිටි
තනිය මකනට පෙම් කෙලින සඳ
මගේ තනි නොතනියට ඉඳහිට
කන්සා කූරක් ගැසුව සත්තයි....

එහා ගෙදර උන් පුන්චි නැගනිය
මා සමග හුරතලෙන් සිටි විට
මගේ නැගනිය ලෙසින් මට
හැඟුනු බවනම් කියමි සත්තයි...

අසනු මැන නඩුකාර හිමියනි
අසැබි බැලුවත් කන්සා ගැසුවත්
පුන්චි නැගනිය දිහා කිසි දින
වැර'දැසින් නොබැලුවෙමි සත්තයි....

සැමට යුක්තිය පසඳලන
සුපින්වත් නඩුකාර තැන
මට කියන්නට ඇත්තෙ මෙපමනි
මටත් යුක්තිය පසිඳලනු මැන.....

නිමිත්ත :-
සේයා දැරියගේ ඝාතනයට සැක පිට 17 හැවිරිදි පාසල් සිසුවෙකු රක්ශිත බන්ධනාගාර ගත කරයි

                                                                                               ----හිතුවක්කාරයා----

Related Posts:

  • දුම්රියට පැන්න තරුණියකට දුම්රිය කී කවඈත උලමෙකු ගැයූ ගීතයෙහඩින් දෙසවන මත් උනානුබේ දෙනෙතින් ගැලූ කදුළැල්අදුන ගන්නට බැරි උනාළංව හිනහී එකට ඉන්නටවරම් නොමැතිව ලතවෙනාපීලී දෙකකට මැදිව කෙලෙසකපෙමක් හෙව්වද එක්වෙනාඅගුරු කැට කා වතුර බීගෙනසුසුම් දුම් රොඩු වගුරනායකඩ අස්සේ ගැහෙ… Read More
  • ඒ නුඹමද වැව් තාවුල්ලේ කුඹුක් සෙවන යට නුඹ මා හම&… Read More
  • ලියමනක් රහට බත් නැති මාලු පිනි නැති කැන්ටිමක් අපි ලගම තිබුනා මිරිස් තුනපහ නොදුටු හොද්දක කදුලු බිදු ලුනු රහට හැපුනා තට්ටු පහ හය උසට හොස්ටල්  ගජේ දාගෙන ඉන්න ලැබුනා අනේ අම්මේ නින්ද එනකොට කඩුපුලක මල් සුවද දැනුනා මලක් දෑතින් ගත් ක… Read More
  • නුබ නොදත් පෙම්වතා අහම්බෙන් එක් දිනක් නුබේ රුව හිනහුනා හද ගැබේ සැඟව තිබු කව් පදත් පිබිදුනා... නෙත් කැලුම් දකින්නට නෙතට පින ඇත කියා බෝ කලක් නුබ යනෙන  මග නොදැන තනි උනා... මල් කැකුල දකින්නට  හද හෙමින් කියු නිස… Read More
  • ගුරුවරයෙකු පාසලේදි සිසුවියක් දූෂණය කරයි ---පුවතක්----- අයනු ආයනු ඉයනු ඊයනුහෝඩි පොත පිටු ඉරා වැලපුණුසල් ගසේ මල් පොකුරු පරවීකදුළු බිදු දස අතේ විසිරුනු හේන නවදැළි කිරට පීදුනු අමර තනියට පැලට ගොඩඋනු අසනි වැසි බිම වැටුනු දවසක සාමා සල් මල් අතර තනිවුනු රෙද්ද බැනියම සුදට දිලිහුනු… Read More

4 Comments:

  1. ඔය කාරණේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. කොල්ලගේ අතේ වැරදි නෑ නෙවේ. ඒත් ලැබුණු දඩුවම නම් ගොඩක් වැඩියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  2. අවස්ථානුකූලයි මචන්
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...