මේ මම @ Facebook

මෙසේ පාපොච්චාරනය කරන වගනම්....


තරාදිය එක් අතින් එල්ලා
දෑස් රෙදි කඩින් බැඳ
යුක්තියේ යුවතිය අසල හිඳි
නඩුකාර තැන අසනු මැන

වයස දාහතක් පිරුනත්
තවම පාසල් ගමන නෑ නිම
ඉඳ හිටක හෝ සුවාමිනි මම
පාසලට පිය නැගුව සත්තයි....

අපේ වයසේ උන්නු සමහරු
අඳුරු මුලු වල රති කෙලින විට
හැඟුම් ඇහැරී මමත් ඉඳහිට
අසැබි දසුනුත් බැලුව සත්තයි....

යහලුවන් පන්තියෙ එකට සිටි
තනිය මකනට පෙම් කෙලින සඳ
මගේ තනි නොතනියට ඉඳහිට
කන්සා කූරක් ගැසුව සත්තයි....

එහා ගෙදර උන් පුන්චි නැගනිය
මා සමග හුරතලෙන් සිටි විට
මගේ නැගනිය ලෙසින් මට
හැඟුනු බවනම් කියමි සත්තයි...

අසනු මැන නඩුකාර හිමියනි
අසැබි බැලුවත් කන්සා ගැසුවත්
පුන්චි නැගනිය දිහා කිසි දින
වැර'දැසින් නොබැලුවෙමි සත්තයි....

සැමට යුක්තිය පසඳලන
සුපින්වත් නඩුකාර තැන
මට කියන්නට ඇත්තෙ මෙපමනි
මටත් යුක්තිය පසිඳලනු මැන.....

නිමිත්ත :-
සේයා දැරියගේ ඝාතනයට සැක පිට 17 හැවිරිදි පාසල් සිසුවෙකු රක්ශිත බන්ධනාගාර ගත කරයි

                                                                                               ----හිතුවක්කාරයා----

Related Posts:

  • අවජාතක පුත්‍රයෙකුගේ පැනයක්..... මව් තුරුලේ ගුලි වෙමින් උනුසුමේ සැගවෙමින් හීන් සිරුවේ කිරි උරා බොන බලල් පැටව්නේ මේ අසාපන්..... දන්නවාද පැටව්නේ නුබ පියාගේ වගතුග ඇසුවේද කවුරු හෝ කෙදිනක පියෙකුගේ වගතුවක්.... දනිමි මා කෙදින හෝ ලොකයා පියෙකු ගැන නොවිම… Read More
  • විභාගයේදී...... සැරිසරමි මා විශ්වය සිසාරා සඳේ ආවාට මැදින් තරු පොකුරු තුලට වැද අඟහරුද සෙනසුරුද පසු කරන් ආලෝකයේ වේගයද ඉක්මවා..... නොදැනීම ගොස් වැ‍ටුනි අඳුරු කළු කුහරයක දෑසැරන් බැලූ කල      අහෝ මා පමා වැඩී..... … Read More
  • කවිය අදඅවුරුදු ගානකට කලින් ලියපු කවියක් අද අහම්බෙන් වගේ පොතක තිබිලා හම්බ උනා.ඒ කව්පද මාව නොදැනීම අතීතයට ගෙන ගියා..එදා මම ඒ කවිපද ටික ලියුවේ කවියට අත්වෙලා තියෙන ඉරණම හදවතින්ම දැකපු විදිහයි... එදා ඒ ලියපු කවිපද අදටත් එදා වගේම වලන්ගුයි… Read More
  • සඳ ඇති අමාවක... අහසේ සඳ පායලා.. ලොකුම ලොකු හඳක්.. කවියෙකුට නම් සුපුන් සඳක්.. ඒ සඳ එලිය ඇතුලේ කවියො කව් පද අමුනනව ඇති. පෙම්වතුන් පෙම් වදන් දොඩනව ඇති. තව තව අය තව තව සුන්දර දේවල් කරනව ඇති.               &… Read More
  • ප්‍රේමයේ මළගම.... සැඩ හිරු ‍රැසින් ගිනි ගහනා මරු කතරේ දෙනෝ දහක් මැද ඇවිදන් යන අතරේ දුහුවිලි දා බිදිති මුහුනේ ‍රැඳි අතරේ නුබ සිටි අපූරුව අදහනු බැහැ සොඳුරේ.... පොඩි උන් සිටියි තැන තැන සෙල්ලම් කරනා උයනේ කොනක බන්කුව මත නුබ සිටිනා තනි … Read More

4 Comments:

  1. ඔය කාරණේ ගැන නම් කතා කරලා වැඩක් නෑ. කොල්ලගේ අතේ වැරදි නෑ නෙවේ. ඒත් ලැබුණු දඩුවම නම් ගොඩක් වැඩියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete
  2. අවස්ථානුකූලයි මචන්
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට සහ කොමෙන්ටුවට...

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...