මේ මම @ Facebook

සරසවි බිම ඉදිරිපස ඇති අට්ටාලය දෙසට මුහුන ලා ඇති ගසට.....



අතු පතර විහිදාන
ඇසිපිය පවා නොසලාන
කෙදින හො ජය ටැඹක් දකිමැයි
අට්ටාලෙ  දෙස බලන වගනම්....

මසකට වරක් නොවරදව
දෙනෙත් කදුලින් බරව
සෙවන දේ හිස පසෙක හරවන්
අවි අමෝරන කුලී රැලකට...

ඉද හිටක බැටන් පොලු
තව විටක කඳුළු බිඳු
ඉවසාන නෙත් බරව සිටී නුඹ
දිනන තුරු සිරකල අකුරු.....

                                                                                                       ----හිතුවක්කාරයා----

Related Posts:

  • Walking path කෑ දේ දිරවන්න බඩ තඩි පිරිමි බඩ තඩි ගැහැනු ඇවිදිති සැතපුම් ගනන් දුර..... පාන් පෙත්තක් සොයා ඔවුන් පසුපස යදිමින් තවත් සමහරක් අය ඇවිදිති සැතපුම් ගනන් දුර..... ජීවිතය නම් වූ Walking path එක තුල.....  &… Read More
  • කිදුරු කවකුඩා වැල්ලේ තබා පා යුග දෑත කරගැට දෙස බලා සුදු පුතා පිට කිදුරු කුමරුන් දියඹ වෙත පියමන් කලා...   දියඹ පීරා ගෙනා අස්වනු  වැලි තලාවක අතුරලා කිදුරි මොහොතක් කිදුරා යන මග බලා දෑතම එක් කලා.... වැල්ල හාරන් සිප්පි අහුලන පුත… Read More
  • ප්‍රේමය...... බලමි මල්  දහසක්... සිබිමි ඉන් මල්  සියයක්.... වැළඳගමි මල්  දහයක්.... නමුදු රස විඳිමි එක් මලක්  පමනක්....                       … Read More
  • සොහොන් බිමක් කී කවක්..... අරලිය ගස් බෝය සුදු මල් අතුරාලා තැන තැන පස්  බෝය අලුතින් ගොඩ දාලා ගොක් කොල සුදු රෙදිය සැමතැන විසිරීලා නිසසල බිමකි කවුරුත් එයි සැතපිලා සුදු මල් පලස මත පර මල් වියැකුනිදෝ අළුතින් නුබට යහනක් මැහි ඉදිවුනිදෝ මළහිරු… Read More
  • ගහපියව් බොල ගහපියව් ගහපියව් බොල ගහපියව් ඔලු පැලෙන්නට ගහපියව් රුහිරු බිඳු දැක සිත් නිවේනම් තවත් හය්යෙන් ගහපියව්.... විදු මව්න් නොමරා මරන විට  නෙත් කඳුලු පිරෙනව බොලව් අමුතුවෙන් කඳුලැල් අවැසිනම් කඳුලු ගෑසුත් ගහපියව්.... රුහිර… Read More

13 Comments:

  1. campus ekay culture eke manawa pilibibu kirimak

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි අදහසට සහ මේ පැත්තට ගොඩ වැදුනට...

      Delete
  2. උන්ට නෑසුනු උන්ට නොපෙනුනු
    දින දෙසීයක් ගෙවී යන තැන...
    එක්ව නැගිටිනු හැරෙන්නට වෙන
    යමක් ඉතිරිව පෙනෙන්නට නැත...

    ReplyDelete
    Replies
    1. අමන පාලක රැලක් එක්වී
      අකුරු සිරකල පවුරු බිදිනට
      වරෙවු සගයනි තවත් නොසිතා
      යදියි නුඹෙ වෙර සටන් බිම අද...

      Delete
    2. ස්තූතීයි අදහසට සහ මේ පැත්තට ගොඩ වැදුනට...

      Delete
  3. http://nelumyaya.com/?p=3322
    ඔය ගහට කතා කරන්න බැරි නිසා කවුරැ හරි පොඩි කැමරාවක් හයි කර නම් මොකද

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා මචන්... ඔය ගහ කතා කරානම් ගොඩක් දේවල් පවසාවි.... ස්තූතීයි මේ පැත්තට ආවට......

      Delete
  4. Replies
    1. ස්තූතීයි සහෝ මේ පැත්තට ගොඩ වැදුනට......

      Delete
  5. කැම්පස් ආවම මං අප්පච්චිට රටක් ලැබුණලු
    අවුරුද්දක් දෙකක් යද්දි කුඹුරත් සින්න වුනාලු
    කුඹුර බේරගන්න හිතං අම්මා රට ගියාලු
    ඇමති තුමෝ ලොකු නෑ ඔය බැටන් පොලු


    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ.... ස්තූතියි කවියට සහ මේ පැත්තට ආවට...

      Delete
  6. ඔය වේදනාවන් අැතුලේ රටේ ජනතාවගේ බලාපොරොත්තු තියෙනවා......

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ... ස්තූතීයි අදහසට......

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...