මේ මම @ Facebook

සරසවි බිම ඉදිරිපස ඇති අට්ටාලය දෙසට මුහුන ලා ඇති ගසට.....



අතු පතර විහිදාන
ඇසිපිය පවා නොසලාන
කෙදින හො ජය ටැඹක් දකිමැයි
අට්ටාලෙ  දෙස බලන වගනම්....

මසකට වරක් නොවරදව
දෙනෙත් කදුලින් බරව
සෙවන දේ හිස පසෙක හරවන්
අවි අමෝරන කුලී රැලකට...

ඉද හිටක බැටන් පොලු
තව විටක කඳුළු බිඳු
ඉවසාන නෙත් බරව සිටී නුඹ
දිනන තුරු සිරකල අකුරු.....

                                                                                                       ----හිතුවක්කාරයා----

Related Posts:

  • ගහපියව් බොල ගහපියව් ගහපියව් බොල ගහපියව් ඔලු පැලෙන්නට ගහපියව් රුහිරු බිඳු දැක සිත් නිවේනම් තවත් හය්යෙන් ගහපියව්.... විදු මව්න් නොමරා මරන විට  නෙත් කඳුලු පිරෙනව බොලව් අමුතුවෙන් කඳුලැල් අවැසිනම් කඳුලු ගෑසුත් ගහපියව්.... රුහිර… Read More
  • කොටුව දුම්රියපළ ඉදිරිපිට කාකි ඇදුමන් ඇගෙහි ලාගත් මාර සේනා නිතර යන එන රක්ත වර්නෙන් උස්ව මොරදී නුවර වැසියන් නිතර රැස්වෙන අව්ව වැස්සට තෙමී දින සති අට්ටාල වල රැය පහන් වන රජුන් මැතිදුන් වසා නෙත් යුග හනික පිම්මේ ඉගිල්ලී යන වීදි පහනක එලිය මගහැර අමාවක තැන්… Read More
  • සිතින් පත්තිනි නොහොත් කන්නකී වී කෝවලන් ලග තුරුලු වන්නට සිතා ඉන්නැති.. පතිනි දම් සුදු සාලු අස්සේ සගවා ඉන්නට වෙර දරන්නැති.. ලොවට රහසින් අදුරු කුටියක කෝවලන් ලග සලු ලිහන්නැති රන් රිදී මුතු ගෑවිලා නැති පා සලබ අමතකව එන්නැති.. පා සලබ සේ න… Read More
  • ලී කෙලි වන්නම්පදුරු බටලී සොයා ගන්නට තැනක් නැති කොන්&#… Read More
  • කිදුරු කවකුඩා වැල්ලේ තබා පා යුග දෑත කරගැට දෙස බලා සුදු පුතා පිට කිදුරු කුමරුන් දියඹ වෙත පියමන් කලා...   දියඹ පීරා ගෙනා අස්වනු  වැලි තලාවක අතුරලා කිදුරි මොහොතක් කිදුරා යන මග බලා දෑතම එක් කලා.... වැල්ල හාරන් සිප්පි අහුලන පුත… Read More

13 Comments:

  1. campus ekay culture eke manawa pilibibu kirimak

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි අදහසට සහ මේ පැත්තට ගොඩ වැදුනට...

      Delete
  2. උන්ට නෑසුනු උන්ට නොපෙනුනු
    දින දෙසීයක් ගෙවී යන තැන...
    එක්ව නැගිටිනු හැරෙන්නට වෙන
    යමක් ඉතිරිව පෙනෙන්නට නැත...

    ReplyDelete
    Replies
    1. අමන පාලක රැලක් එක්වී
      අකුරු සිරකල පවුරු බිදිනට
      වරෙවු සගයනි තවත් නොසිතා
      යදියි නුඹෙ වෙර සටන් බිම අද...

      Delete
    2. ස්තූතීයි අදහසට සහ මේ පැත්තට ගොඩ වැදුනට...

      Delete
  3. http://nelumyaya.com/?p=3322
    ඔය ගහට කතා කරන්න බැරි නිසා කවුරැ හරි පොඩි කැමරාවක් හයි කර නම් මොකද

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා මචන්... ඔය ගහ කතා කරානම් ගොඩක් දේවල් පවසාවි.... ස්තූතීයි මේ පැත්තට ආවට......

      Delete
  4. Replies
    1. ස්තූතීයි සහෝ මේ පැත්තට ගොඩ වැදුනට......

      Delete
  5. කැම්පස් ආවම මං අප්පච්චිට රටක් ලැබුණලු
    අවුරුද්දක් දෙකක් යද්දි කුඹුරත් සින්න වුනාලු
    කුඹුර බේරගන්න හිතං අම්මා රට ගියාලු
    ඇමති තුමෝ ලොකු නෑ ඔය බැටන් පොලු


    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ.... ස්තූතියි කවියට සහ මේ පැත්තට ආවට...

      Delete
  6. ඔය වේදනාවන් අැතුලේ රටේ ජනතාවගේ බලාපොරොත්තු තියෙනවා......

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ... ස්තූතීයි අදහසට......

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...