මේ මම @ Facebook

සරසවි බිම ඉදිරිපස ඇති අට්ටාලය දෙසට මුහුන ලා ඇති ගසට.....



අතු පතර විහිදාන
ඇසිපිය පවා නොසලාන
කෙදින හො ජය ටැඹක් දකිමැයි
අට්ටාලෙ  දෙස බලන වගනම්....

මසකට වරක් නොවරදව
දෙනෙත් කදුලින් බරව
සෙවන දේ හිස පසෙක හරවන්
අවි අමෝරන කුලී රැලකට...

ඉද හිටක බැටන් පොලු
තව විටක කඳුළු බිඳු
ඉවසාන නෙත් බරව සිටී නුඹ
දිනන තුරු සිරකල අකුරු.....

                                                                                                       ----හිතුවක්කාරයා----

Related Posts:

  • නන්ගිගේ මලගම දා........ නුබට කලින් අපෙ අම්මා අප හැරදා ගිය හින්දා අම්මා නෑ නුබෙ දෙන ලඟ හඬා වැටෙන්නට නන්ගියෙ........ කට ගොන්නක් බීගෙන විත් අප්පච්චි අබ ගහ යට පෙරලි පෙරලි හතර අතට නන් දොඩවනවා මතේට......... කාලයකින් මුන ගැහිච්ච යාලුවො හා ප… Read More
  • අවසරයි සොයුරනෙ....... අතු අගින් මිලින වී වැටුනු රතු මල් පොකුරු නැති අඩුව පුරවන්න පිපේ තව රතු කැකුලු........ වෙන්ව ගිය මුදු සොයුර මුලු ලොවම කර අඳුරු නැගේ තවමත් සබඳ පෙර'බරින් තවම හිරු........  නුබ නොමැති දින වැටුනි නෙතු අගින් උනු… Read More
  • විභාගය....... .............. ............. O/L A/L CAMPAS ................... ..................... විභාගය පාස් වෙයන් අම්ම මගෙ ඇඟට පැන්න......... විභාගය පාස් වෙයන් තාත්තා මගෙ ඇඟට පැන්න...... විභාගය පාස් වෙයන් අයිය මගෙ … Read More
  • ලාබයි ආදරේ....... සත 10ට සත 20ට  එස් එම් එස් පනිවිඩයක උතුම් පිවිතුරු අදරය ඉගිල යන අපූරුව...... බලව සකිය සත 10න් සත 20න්        පිලිතුරු එන අපූරුව........ … Read More
  • ඇත්ගොව්වා කී කව....... ගත සවිය නොම දැන මෝඩ මේ ඇත් රජ  දුබල මා අත දැවටි හෙන්ඩුවට බිය ගෙන සෙමින් පා තබමින මට අවැසි විලසට කීකරුව නිහඩව ඇවිද යන අපූරුව......... … Read More

13 Comments:

  1. campus ekay culture eke manawa pilibibu kirimak

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි අදහසට සහ මේ පැත්තට ගොඩ වැදුනට...

      Delete
  2. උන්ට නෑසුනු උන්ට නොපෙනුනු
    දින දෙසීයක් ගෙවී යන තැන...
    එක්ව නැගිටිනු හැරෙන්නට වෙන
    යමක් ඉතිරිව පෙනෙන්නට නැත...

    ReplyDelete
    Replies
    1. අමන පාලක රැලක් එක්වී
      අකුරු සිරකල පවුරු බිදිනට
      වරෙවු සගයනි තවත් නොසිතා
      යදියි නුඹෙ වෙර සටන් බිම අද...

      Delete
    2. ස්තූතීයි අදහසට සහ මේ පැත්තට ගොඩ වැදුනට...

      Delete
  3. http://nelumyaya.com/?p=3322
    ඔය ගහට කතා කරන්න බැරි නිසා කවුරැ හරි පොඩි කැමරාවක් හයි කර නම් මොකද

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා මචන්... ඔය ගහ කතා කරානම් ගොඩක් දේවල් පවසාවි.... ස්තූතීයි මේ පැත්තට ආවට......

      Delete
  4. Replies
    1. ස්තූතීයි සහෝ මේ පැත්තට ගොඩ වැදුනට......

      Delete
  5. කැම්පස් ආවම මං අප්පච්චිට රටක් ලැබුණලු
    අවුරුද්දක් දෙකක් යද්දි කුඹුරත් සින්න වුනාලු
    කුඹුර බේරගන්න හිතං අම්මා රට ගියාලු
    ඇමති තුමෝ ලොකු නෑ ඔය බැටන් පොලු


    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ.... ස්තූතියි කවියට සහ මේ පැත්තට ආවට...

      Delete
  6. ඔය වේදනාවන් අැතුලේ රටේ ජනතාවගේ බලාපොරොත්තු තියෙනවා......

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ... ස්තූතීයි අදහසට......

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...