මේ මම @ Facebook

පෙති තැලුනු මල් කැකුල....


නිමිත්ත:-
පියෙකු හා ඔහුගේ මිතුරන් පිරිසක් මත්පැන් පානය කර, සිය දියනිය දූශනය  කරයි..

සඳ මඩල සැගව ගිය
අදුර පිරි මහ රැයක
බබර රැනක් හෙමින් ළන් උනා
මදුවිතේ මදු සුවඳ පැතිරුනා

විදුලි මිනි නිවී ගොස්
අඳුර රජයන පැයට
බකමූනු හඬ දසත පැතිරුනා
පාළු සොහොනක හැගුම් මතු උනා

රැය පහන් කරනු රිසි
මතින් ලොල් බබර කැල
සගයෙකුගෙ නිවස්නට ලන් උනා
මල් කැකුල වෙත නෙතඟ යා උනා

දුරු රටක ගිය මව්ගෙ
උනුහුමේ සිත රඳන්
මල් කැකුල කොට්ටයට ගුලි උනා
මව් රැජින හිනයෙන් හිනහුනා

මතින් මත් බබර කැළ
හලා විශ සිය තුඩඟ
රාගින්න මල් පෙතට මුහු කලා
මල් කැකුල පෙති හොරෙන් හැකිලුවා

මතින් සිත සනසාන
ගැබුරු සිහිනෙක කිමිද
පිය රජුන් සයනයේ සැතපුනා
මල් කැකුල පෙති හලන් හැකිලුනා

Related Posts:

  • අම්මා...... හිරු නිදන් සිටින'තර පාන්දර              ඇහැරිලා පොඩි උන්ට උයන්නට ලිප ගිනිද      මොලවලා හාල් හුන්ඩුව උයන් සම්බලය               අබරලා කහට උගු… Read More
  • ?????????හයේ කනිසමට හෝරා පුවරුව         සැදුනා තෙවැනි සීනුවේ හඩ රග මඩලට       ඇසුනා තිරය ඇරී රස හද අදුරට                    වැදුනා කම් සැප සොයා පෙම්ව… Read More
  • සිතිවිලි ගොන්න ගැලුවත් බැමි පවුරු බිඳපන්හිඳ පොර බඳී දෑඟිලි අතර හිඳලියු කව් වලට වාරණ එන දිනකි අදකෙලෙසක ලියමි මා සිතිවිලි කවක බැඳ..........… Read More
  • වෙනස වියො වුහ තම බිරිද සදා සිහිවනු පිනිස සා ජහාන් රජු තනුවලු තම බිරිද නාමයෙන් විසල් ටජ් මහලක්........ වෙලේ ගෙදර පෙලේ විසු අසරන සිරිපාල වියො වු තම බිරිද සදා සිහිවනු පිනිස තෙනුවාලු සොහොන් කොතක්.......... … Read More
  • මිදි = ආදරය එදා නරියා........... කරනට දෙයක් නොමැතිව අයාලේ ඇවිදින මිදි දුටුව නරියෙකු කෙල පෙරා ආ අපූරුව..... බෝ සේ වෙහෙසව මිදි කඩනු නොහැකිව තිත්ත මිදි යැයි බනිමින නික්ම ගිය අපූරුව.... අද නුබ......... මා දුටුව දින සිට සොදුරුයි හැඩයි … Read More

12 Comments:

  1. කාලකන්නි සමාජය කවියෙකුගේ ඇසින්...මරු

    ReplyDelete
  2. නියමයි රෙඩා නියමයි.....නිමිත්ත එලෙසින්මයි

    ReplyDelete
  3. මාමලා ගොඩක් විත් කරුවලේ මට අපල කෙරුවා
    අනේ අම්මේ මගෙ තාත්තත් ඒ අතර උන්නා

    සංවේදී සිදුවීමකට ලියැවුණු සංවේදී කවක්
    ජයවේවා ඔබට!....

    ReplyDelete
  4. උන් නං කාලකන්නිම තමා බං..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ.....ස්තූතියි සහෝ..

      Delete
  5. සිද්ධිය ගැන කියන්න දෙයක් නැනේ... කවිය ගැන කියන්නම්......... පට්ට

    ReplyDelete
  6. අද දැක්කෙ... සුපිරිම කවක්...
    ජයවේවා..!!

    ReplyDelete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...