Thursday, January 23, 2014

සොහොන් බිමක් කී කවක්.....



අරලිය ගස් බෝය සුදු මල් අතුරාලා
තැන තැන පස්  බෝය අලුතින් ගොඩ දාලා
ගොක් කොල සුදු රෙදිය සැමතැන විසිරීලා
නිසසල බිමකි කවුරුත් එයි සැතපිලා

සුදු මල් පලස මත පර මල් වියැකුනිදෝ
අළුතින් නුබට යහනක් මැහි ඉදිවුනිදෝ
මළහිරු බසින යාමේ එහි සැතපුනිදෝ
පාලුව මකන්නට කවුරුත් ළඟ නැතිදෝ

උළමෙකි ‍රැහැයියෙකි ඉඳ හිට හඬ නගන
නිසලයි මෙබිම් කඩ සැම දන පිය නගන
ආමුත් අළුත් අය සැමදා මෙහි නිතින
පාළුය සොහොන් බිම තනිකම ඇත සොඳින

                                                                          ---- හිතුවක්කාරයා ----

4 comments:

  1. හ්ම්... හිත අයින් උනු අපේ ශරීරයටත් දවසක යන්න වෙන තැන නේ

    ReplyDelete
    Replies
    1. ඔව් අනූ..... එත් කවදාවත් මැරෙන්නෙ නෑ වගෙ මිනිස්සු ජිවත් වෙන එක තමා අවුල........

      Delete

පොඩ්ඩක් ඉන්න! ලිපිය කියෙව්වනෙ? දැන් ඉතිං ලිපිය කියවද්දි හිතුණු දේ දැණුනු දේ ලියලම යන්න...